ඉන්දියානු ඓතිහාසික චරිතාපදානයක් පාදක කර ගනිමින් නිෂ්පාදනය කරන ‘මනිකර්ණිකා’ ජනවාරි මස 25 වැනිදා සිට කොළොම්බෝ සිටි සෙන්ටර් හි ස්කෝප් සිනමා ශාලාවේදී ප්‍රදර්ශනය කෙරේ.
වර්ෂ 1857 දී පමණ ඉන්දියාවේ උත්තර ප්‍ර‘දේශයේ වෙළෙඳ අරමුණු මුල්කර ගෙන පැමිණියද, පසුව ආක්‍රමණ මෙහෙයවමින් ඉන්දියාව ආක්‍රමණයට සැරසෙන බ්‍රිතාන්‍ය ඊස්ට් ඉන්දියානු සමාගම ‘British East India Company’ හා ස්වදේශිකයන් අතර ඇති වන ගැටුම ප්‍රබල ලෙස පැතිරෙමින් තිබුණු අවස්ථාවේ එවකට උතුරු ඉන්දියාවේ රාජ කුමාරියක් හා රණශූරියක් ලෙස ප්‍රකටව සිටි ජහන්සි ප්‍ර‘දේශයේ රාණි ලක්ෂ්මි බායි ‘Rani Laxhmi Bai’ කුමරිය බ්‍රිතාන්‍ය සමාගමට එරෙහිව කැරැල්ලක් මෙහෙයවන ආකාරය කියැවෙන මෙම චිත්‍රපටයේදී දරුණු සටන් බිමට පිවිසෙන කුමරිය ප්‍රධාන රණශූරයන්ට එම සටනේ අත්වන ඉරණම සිත් ලොමු දැහැගන්වන ආකාරයෙන් ඉදිරිපත් කර තිබේ.
කංගනා රනාවුත්, අතුල් කුල්කර්නි, ජිෂු සෙන්ගුප්තා, අන්කිතා ලෝඛාන්ඩේ, සුරේෂ් ඔබොරෝයි, විභව් තත්වාඩි ආදීහු රංගනයෙන් දායක වෙති.
Trending News
Events
වයිෆ් ට 50 යි
- 08-04-2026
ඉන්දියානු රස වෑහුණු -පරම්පරා
- 31-03-2026
ඉන්දියාවේ ඉලෙයිරාජා සිංහල සිනමාවට එක්වෙයි
- 30-03-2026
