රාජිණිකාන්ත්ට පසුව දකුණු ඉන්දීය සිනමාවේ වැඩිම ප්‍රේක්ෂක ආකාර්ෂණයක් දිනාගත් සිනමා නළුවා වන විජේගේ අලුත්ම දමිළ චිත්‍රපටය ‘‘මර්සල්’ පසුගියදා ප්‍රදර්ශනය වීම ආරම්භ විය. ‘‘මර්සල්’ ඉන්දියාවට අමතරව ලොවපුරා රටවල් රැසක එදිනම ප්‍රදර්ශනය කිරීමට නියමිතව ඇති අතර, වාර්තාවන අන්දමට ඒ සිනමා ශාලා 3500කය.
ඉන්දීය රුපියල් කෝටි 130ක වියදමකින් තැනුණ මෙම ‘මර්සල්’ චිත්‍රපටය විජේ රංගනයෙන් දායක වන ඉහළම මුදලක් වැය කරමින් තැනුණ දකුණු ඉන්දීය චිත්‍රපටයද වේ. විජේට අමතරව ජනප්‍රිය නිළියන් වු සමන්තා රිතු, කාජල් අග්‍රාවල් හා නිත්‍යා මෙනුන් මෙහි ප්‍රධාන චරිත නිරූපණය කර තිබේ. විජේ සිය රසික පිරිස් ‘‘මර්සල්’ හරහා මුණ ගැසෙන්නේ මේ වසරේ ජනවාරියේදී තිරගත වු ‘‘බහිරවා’ චිත්‍රපටයෙන් පසුවය. ‘බහිරවා’ තිරගත වූ කාලසීමාවේදී ඉන්දීය රුපියල් කෝටි 120ක ආදායමක් උපයාගනු ලැබීය.
Trending News
Events
ගිරාගෙ දුවට අද ඉස්තරම් දවසක්ලු
- 22-01-2026
මළ මඟුලයි ...එන්න ළඟයි
- 14-01-2026
සිනමාවේ රස මුසු කළ Baiscope Resturant
- 14-01-2026
සැවෝයි ප්‍රිමියර් හීදී පිපුණු මලකි දුවේ නුඹ
- 12-01-2026
