ආචාර්ය සෝමරත්න දිසානායකගේ නවතම සිනමා සිත්තම “සුනාමි” ජනවාරි 16 වැනිදා සිට දිවයින පුරා ප්‍රදර්ශනය ආරම්භ වී තිබේ. 2004 වසරේ දී මෙරටට බලපෑ සුනාමි ඛේදවාචකයේ එක් සත්‍ය සිදුවීමක් පදනම් කරගනිමින් වසර කිහිපයක් පුරා සිදුකළ ගවේෂණයකින් අනතුරුව සෝමරත්න දිසානායක විසින් තිරරචනා කොට අධ්‍යක්ෂණය කළ “සුනාමි” රේණුකා බාලසූරියගේ නිෂ්පාදනය කි.
ඉහල පිරිවැයක් දරා නිර්මාණය කළ මෙම සිනමාපටයේ ප්‍රධාන චරිතවලට නෙරංජනී ශම්මුගරාජා, දර්ශන් ධර්මරාජ්, හිමාලි සයුරංගි, බිමල් ජයකොඩි, ළමා නිළි මෙනරා වීරතුංග පණ පොවති.
ජනවාරි 11 වැනිදා ඇරඹි 18 වැනි ඩකා අන්තර්ජාතික සිනමා උලෙළේ ප්‍රධානතම තරගකාරී අංශය වන ආසියානු සිනමා තරගය යටතේ තරග වැදීමට ද “සුනාමි” සිනමාපටය පසුගියදා සුදුසුකම් ලැබී ය. “සුනාමි” තිරගත වන පළමු අන්තර්ජාතික සිනමා උලෙළ ද මෙය වේ.
Trending News
Events
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
ලස්සනම Birthday photo shoot එක ශලනිගෙන්
- 19-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022
