සුජීව ප්‍රියාල් යද්දෙහිගේ කුළුඳුල් සිනමා අධ්‍යක්ෂණය වන “සුපර්ණා” පෙබරවාරි 14 වැනිදා සිට දිවයින පුරා සිනමාශාලා හි ප්‍රදර්ශනය කෙරේ.
සොබාදහම, සංස්කෘතිය, පාරම්පරික කලාශිල්ප, ආදරය, ජන විශ්වාසයන් හා විද්‍යාව කැටි කොටගත් මෙම සිනමා නිර්මාණයේ තිර රචනය ද සුජීව ප්‍රියාල් යද්දෙහිගේ විසිනි.
දුලීකා මාරපන, අශාන් ඩයස්, ධර්ශන් ධර්මරාජ්, සංජීව උපෙන්ද්‍ර, දිනක්ෂි ප්‍රියසාද්, විණා ජයකොඩි, ජනක් ප්‍රේමලාල්, කළණ ගුණසේකර, බුද්ධික ජයරත්න, වසන්ත විට්ටච්චි, රයන් වැන්රෝයන් “සුපර්ණා” වෙනුවෙන් රංගන දායකත්වය සපයා තිබේ.
කැමරා අධ්‍යක්ෂණය ධනුෂ්ක ගුණතිලක, සංස්කරණය සහ ශබ්ද මිශ්‍රණය ප්‍රවීන් ජයරත්න, නිෂ්පාදන සැලසුම්කරනය ලාල් හරීන්ද්‍රනාත්, සංගීත අධ්‍යක්ෂණය පබලු විජේගුණවර්ධන, අංග රචනය හර්ෂ මංජුල, නිෂ්පාදනය කල්යාණි රණවක විසිනි.
Trending News
Events
රංගේන්ද්‍ර රවීන්ද්‍ර පාඨක සුරතට
- 09-03-2026
වර්ෂාගෙ ආදර ගීතය විඳින්න මාලඹේට ලොකු සෙනඟක්
- 06-02-2026
ගිරාගෙ දුවට අද ඉස්තරම් දවසක්ලු
- 22-01-2026
මළ මඟුලයි ...එන්න ළඟයි
- 14-01-2026
