හඳගම ගේ අසන්ධිමිත්තා දැන් තිරගත වෙයි

  • 01-04-2019
  • Views 3939

 

අශෝක හඳගම ගේ අලුත්ම සිනමා නිර්මාණය වන අසන්ධිමිත්තා මාර්තු මස 22 දා සිට CEL සහ රිද්මා මණ්ඩලයේ සිනමාහල් වල ප්‍රදර්ශනය වීමට ආරම්භ විය.

සමන් වික්‍රමාරච්චි ගේ පාරකාල්පනිල්ක නවකතාව ඇසුරින් නිර්මාණය වුනු අසන්ධිමිත්තා චිත්‍රපටයේ ලෝක මංගල දැක්ම හි 23 වෙනි බූසාන් සිනමා උළෙලේදී පැවැත්වුනු අතර එය ලොව ප්‍රධාන සිනමා උළෙල කිහිපයකම තරඟකාරී අංශය නියෝජනය කළේය. අසන්ධිමිත්තා හි රංගනයෙන් නිල්මිණි සිගේරා, ධර්මප්‍රිය ඩයස්, ඩබ්ලිවු ජයසිරි, ශ්‍යාම් ප්‍රනාන්දු,යශෝධා විමලධර්ම, රුක්මල් නිරෝෂ්, අනුලා බුලත්සිංහල, ගයනි ගිසන්තිකා,සඳලි හඳගම, රිතිකා කොඩිතුවක්කු, ප්‍රදීප් රාමවික්‍රම, විදත් වීරකෝන් සහ අහස් දිසානායක දායකවන අතර අසන්ධිමිත්තා සරසවි සිනෙරූ වෙනුවෙන් එච් ඩී ප්‍රේමසිරි ගේ නිෂ්පාදනයකි. අමල් අල්විස් සහාය අධ්‍යක්ෂනයෙන් ද, මංජුල පෙරේරා නිෂ්පාදන කලමනාකරනයෙන්ද එක්වන මෙහි රේඛීය නිෂ්පාදන ය ඉරන්ති අබේසිංහ ගෙනි. චන්න දේශප්‍රිය ගේ කැමරාකරණයෙන් ද, රවීන්ද්‍ර ගුරුගේ ගේ සංස්කරණයෙන් ද, කපිල පූගලආරච්චි ගේ සංගීතයෙන් ද දිනිඳු ජාගොඩ ගේ වර්ණ සංයෝජනයෙන් ද නිසල් ගංගොඩගේ ගේ ශබ්ද සංකලනයෙන් ද නිමැවුණු අසන්ධිමිත්තා සරසවි සිනෙරූ ඉදිරිපත් කිරීමකි.