අශෝක හඳගම ගේ අලුත්ම සිනමා නිර්මාණය වන අසන්ධිමිත්තා මාර්තු මස 22 දා සිට CEL සහ රිද්මා මණ්ඩලයේ සිනමාහල් වල ප්‍රදර්ශනය වීමට ආරම්භ විය.
සමන් වික්‍රමාරච්චි ගේ පාරකාල්පනිල්ක නවකතාව ඇසුරින් නිර්මාණය වුනු අසන්ධිමිත්තා චිත්‍රපටයේ ලෝක මංගල දැක්ම හි 23 වෙනි බූසාන් සිනමා උළෙලේදී පැවැත්වුනු අතර එය ලොව ප්‍රධාන සිනමා උළෙල කිහිපයකම තරඟකාරී අංශය නියෝජනය කළේය. අසන්ධිමිත්තා හි රංගනයෙන් නිල්මිණි සිගේරා, ධර්මප්‍රිය ඩයස්, ඩබ්ලිවු ජයසිරි, ශ්‍යාම් ප්‍රනාන්දු,යශෝධා විමලධර්ම, රුක්මල් නිරෝෂ්, අනුලා බුලත්සිංහල, ගයනි ගිසන්තිකා,සඳලි හඳගම, රිතිකා කොඩිතුවක්කු, ප්‍රදීප් රාමවික්‍රම, විදත් වීරකෝන් සහ අහස් දිසානායක දායකවන අතර අසන්ධිමිත්තා සරසවි සිනෙරූ වෙනුවෙන් එච් ඩී ප්‍රේමසිරි ගේ නිෂ්පාදනයකි. අමල් අල්විස් සහාය අධ්‍යක්ෂනයෙන් ද, මංජුල පෙරේරා නිෂ්පාදන කලමනාකරනයෙන්ද එක්වන මෙහි රේඛීය නිෂ්පාදන ය ඉරන්ති අබේසිංහ ගෙනි. චන්න දේශප්‍රිය ගේ කැමරාකරණයෙන් ද, රවීන්ද්‍ර ගුරුගේ ගේ සංස්කරණයෙන් ද, කපිල පූගලආරච්චි ගේ සංගීතයෙන් ද දිනිඳු ජාගොඩ ගේ වර්ණ සංයෝජනයෙන් ද නිසල් ගංගොඩගේ ගේ ශබ්ද සංකලනයෙන් ද නිමැවුණු අසන්ධිමිත්තා සරසවි සිනෙරූ ඉදිරිපත් කිරීමකි.
Trending News
Events
වයිෆ් ට 50 යි
- 08-04-2026
ඉන්දියානු රස වෑහුණු -පරම්පරා
- 31-03-2026
ඉන්දියාවේ ඉලෙයිරාජා සිංහල සිනමාවට එක්වෙයි
- 30-03-2026
