සුදේශ් වසන්ත පීරිස් අධ්‍යක්ෂණයක් වන “හුස්ම” පසුගියදා (20) සිට දිවයින පුරා සිනමාශාලාවල තිරගත කිරීමට නියමිත ය. මියගිය රංගන ශිල්පිනියක සහ මිතුරන් තිදෙනකු අතර ඇතිවන සිදුවීමක් මුල් කරගනිමින් නිර්මාණය කරන ලද මෙම චිත්‍රපටය සඳහා චමත්කා ලක්මිණි, දසුන් පතිරණ, පුබුදු චතුරංග, ඉසුරු ලොකුහෙට්ටිආරච්චි, අංජන ප්‍රේමරත්න, මහින්ද ඉහලගම යන නළු නිළියන් රංගන දායකත්වය සපයා තිබේ. නිෂ්පාදනය නිහාල් විජේසිංහ, කැමරා අධ්‍යක්ෂණය ගාමිණි මොරගොල්ලාගම, සහය අධ්‍යක්ෂණය හා කලා අධ්‍යක්ෂණය සරත් සමරවික්‍රම, සංස්කරණය අනුර බණ්ඩාර, සංගීත අධ්‍යක්ෂණය කේෂාන් පෙරේරා, වේශ නිරූපණය තාරක අධිකාරි, නිෂ්පාදන අධිකාරී තුෂානි වීරක්කොඩි, ගීත ගායනය උරේෂා රවිහාරි, ගීත රචනය බන්දුල නානායක්කාරවසම්, ශබ්ද සැලසුම් සසික රුවන් මාරසිංහ, වර්ණ සංකලනය ආනන්ද බණ්ඩාර, ඇඳුම් නිර්මාණය ප්‍රභාත් හේමන්ත සහ කථාව/දෙබස්/තිරරචනය සුදේශ් වසන්ත පීරිස් විසිනි.
Trending News
Events
වයිෆ් ට 50 යි
- 08-04-2026
ඉන්දියානු රස වෑහුණු -පරම්පරා
- 31-03-2026
ඉන්දියාවේ ඉලෙයිරාජා සිංහල සිනමාවට එක්වෙයි
- 30-03-2026
