ලොවක් වසඟ කර ගත් රංගන ශිල්පියෙකු ලෙස රෝවන් ඇට්කින්සන් නම් රංගන ශිල්පියා හැඳින්විය හැකිය. මිස්ටර් බීන් චරිතය ඔස්සේ කුඩා මහලු සෑම වයස් මට්ටමක හිතේ රැඳි නළුවෙකු බවට ඔහු පත්විය. ඔහු විසින් රංගනයෙන් දායක වූ චිත්‍රපට අතරින් බොහෝ දෙනෙකුගේ කතාබහට ලක්වූ චිත්‍රපට කිහිපයක් වෙයි. ඒ අතරින් විශේෂ තැනක් හිමි වන්නේ "ජොනී ඉන්ග්ලිෂ්" චිත්‍රපට මාලාවටය. හාස්‍ය නළුවෙකු ලෙස සුප්‍රසිද්ධියට පත් ඔහුට වීරයෙකු ලෙස මෙම චිත්‍රපට ඔස්සේ ජනතාවට අතරට යෑමට හැකිවිය. ඒ හේතුවෙන් ආදායම් ලැබූ 'ජොනී ඉන්ග්ලිෂ්' චිත්‍රපට මාලාවේ නවතම චිත්‍රපටය මෙම මස එළිදැක්වුණි. Johnny English Strikes Again මෙම චිත්‍රපටය ලොව පුරා තිරගත වීමට සමගාමී මෙරට Scope සිනමා ශාලාවල නැරඹීමට අවස්ථාව තිබේ. නවතම විවෘත වූ Colombo City Center හිදී මෙම චිත්‍රපටය නැරඹීමටද අවස්ථාව තිබේ.
Trending News
Events
වයිෆ් ට 50 යි
- 08-04-2026
ඉන්දියානු රස වෑහුණු -පරම්පරා
- 31-03-2026
ඉන්දියාවේ ඉලෙයිරාජා සිංහල සිනමාවට එක්වෙයි
- 30-03-2026
