මේ සිද්ධිය වෙන්නේ ඉන්දියාවේ 1975 අවුරුද්දේදි. මේක ඵෙතිහාසික කතාවක් වුණත් ලස්සන කරන්න එක එක කොටස් අලුතෙන් නිර්මාණාත්මක විදිහට වෙනස් කරලනම් තියෙනවා. අද අපේ කතාවේ නායකයා අසාද්. අසාද් කියන්නේ මැදිවියේ පුද්ගලයෙක්. තව විදියකට කියනවානම් ඉන්දියාවේ ධනය මුතු මැණික් වගේ වටිනා දේවල් ඉන්දියාවෙන් බ්‍රිතාන්‍යට නැව්වලින් අරගෙන යද්දී ඒවා තමන්ගේ කල්ලියත් එක්ක පැහර ගන්නේ මෙන්න මේ ආසාද් තමයි. ඔහුගේ කණ්ඩායම කඩු හරඹ පාලා දුනු ශිල්පය උපයෝගී කරගෙන තමයි බ්‍රිතාන්‍ය ජාතිකයන්ගෙන් තමන්ගේ රටෙන් කොල්ල කාගෙන යන ධන සම්පත් ආපහු කොල්ලකාලා තමන්ගේ රටට අරගන්නේ. ආසාද්ගෙන් බේරිලා ඉන්දියාවේ සම්පත් කොල්ලකාගෙන තමන්ගේ රටට අරගෙන යන්න බැරි වෙන නිසා බ්‍රිතාන්‍ය ජාතිකයන් ආසාද්ගෙන් බේරෙන්න ක‍්‍රමයක් හොයනවා. ඔවුන් ඒ සඳහා යොදා ගන්නේ ඉන්දියානු ජාතිකයෙක්ම වන ෆිරන්ගී මල්ලාහ් කියන තරුණයාවයි. බ්‍රිතාන්‍ය ජාතිකයන්ට සහාය දෙන්න යන ෆිරන්ගී මල්ලාහ් සහ ආසාද් අතර කොයි වගේ දෙයක් සිද්ධ වෙයිද? එහෙම නැත්නම් බ්‍රිතාන්‍ය ජාතිකයන්ගේ අරමුණ සාර්ථක වෙයිද?
මේ ආකාරෙයන් ගොඩ නැගෙන මෙම චිත්‍රපටය මේවනවිට EAP සිනමාශාලා වල තිරගත වෙයි.
Trending News
Events
වයිෆ් ට 50 යි
- 08-04-2026
ඉන්දියානු රස වෑහුණු -පරම්පරා
- 31-03-2026
ඉන්දියාවේ ඉලෙයිරාජා සිංහල සිනමාවට එක්වෙයි
- 30-03-2026
