ටොම් හාර්ඩ්ලි ප්‍රධාන රංගනයෙන් දායක වන ‘වෙනොම්’ චිත්‍රපටය මේ වනවිට බොක්ස් ඔෆිස් වාර්තා අතරට පැමිණ තිබේ. පසුගිය 05 වැනිදා තිරගත වීම ආරම්භ වූ මෙම චිත්‍රපටය මේ වනවිට ඇ.ඩො. මිලියන 205.2 ක ආදායමක් උපයා තිබේ. ලොව පුරා මෙන්ම, ඉන්දියානු සිනමා ශාලාවලද සාර්ථකව මෙම චිත්‍රපටය තිරගත වෙන බව සඳහන් වෙයි. ලොව පුරා සිනමා ශාලා ඇතුලු අප Scope සිනමා ශාලාවේද මෙම චිත්‍රපටය තිරගත වෙයි.
