චින්තන ධර්මදාස ගේ සිනමා නිර්මාණයක් වූ ඇවිලෙන සුලුයි චිත‍්‍රපටය මෙම මස 27 සිට තිරගත වීමට ආරම්භ වුණි. ඇවිලෙන සුලුයි මහජනතාව වෙනුවෙන් ප‍්‍රදර්ශණය ආරම්භ කළ සැනින් ප‍්‍රදර්ශණය අත් හිටුවන්නට නිර්මාණකරුවන්ට සිදුවූයේ කොරෝනා වසංගතය සමග රට පමණක් නොව ලෝකයම දොරගුළු වසාගත් හේතුවෙනි
කෙසේවුවද චිත‍්‍රපටයක් මෙවන් වාතාවරණයක් තුළ අත්හිටුවීමෙන් නිෂ්පාදකයාට වන ආර්ථික පාඩුව සළුපටු නෙවෙයි. එමෙන්ම චින්තනගේ ඇවිලෙන සුලුයි නරඹන්නට පුළපුලා සිටි පේ‍්‍රක්‍ෂකයන්ටද චිත‍්‍රපටය නැරඹීමෙන් පළමු අවස්ථාව මගහැරී ගියේය.
ඇවිලෙන සුලුයි සම්ප‍්‍රදායික සිනමා ආඛ්‍යානයකින් ඔබ්බට ගිය අපූරු සිනමා නිර්මාණයකි.මෙහි සමන්මලී ෆොන්සේකා ශ්‍යාම් ප‍්‍රනාන්දු ප‍්‍රධාන චරිතවලට පණ පොවයි.මෙය වැඩිහිටියන්ට පමණයි යන ලේබලයෙන් ප‍්‍රදර්ශණය වන චිත‍්‍රපටයකි. ඒ මෙම චිත‍්‍රපටයේ සිගරට් පානය කරන දර්ශණයක් තිබීම හේතුවෙනි.
ඇවිලෙන සුලුයි හෙට 27 දා සිට රීගල් සිනමා මණ්ඩලයේ සිනමාශාලාවල ඇවිලී යාමට ආරම්භ වුණි.
සිනමා පේ‍්‍රක්‍ෂකයිනි ඇවිළෙන සුලු හදවත් ඇත්තාවුනි හෙට සිට මීටරේ දුරින් සිටඇවිලෙන සුලුයි නරඹන්න.
ඔබ අපූරු සිනමා නිර්මාණයක් රසවිඳ ඇවිලෙනු නියතය.
Trending News
Events
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
ලස්සනම Birthday photo shoot එක ශලනිගෙන්
- 19-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022
