තරුණ සිනමා අධ්‍යක්ෂ කුෂාන් වීරරත්න අධ්‍යක්ෂණය කළ සූස්ති මෙම මස 17 වැනිදා සිට රීගල්, මැජෙස්ටික්, ලිඩෝ ඇතුළු සී.ඊ.එල් මණ්ඩලයේ සිනමා ශාලාවල තිරගත වේ. ගුත්තිල ස්ට‍්‍රැටජික් සොලූෂන් වෙනුවෙන් යූ.ඒ.පල්ලිය ගුරු නිශ්පාදන කළ සූස්ති හි කලණ ගුණසේකර සහ සමනලී ෆොන්සේකා ප‍්‍රධාන චරිත නිරූපණය කරනු ලබති. ඩබ්ලිව් ජයසිරි, මොරීන් චාරුනී සහ ඩිස්නි රාජපක්ෂ සෙසු චරිත මවන සූස්ති කලණ ගුණසේකරගේ තිර රචනයකි.
චින්තක සෝම කීර්තිගේ කැමරා අධ්‍යක්ෂණයෙන් හැඩ වන සූස්ති චිමන්ත මහානාමගේ සංස්කරණයෙන් ද යශෝද ධනූපමගේ වර්ණ සංකලනයෙන්ද විචිත‍්‍රවත් වේ.සූස්ති ශබ්ද නිර්මාණය සහ සංගීතය ආශා රාජපක්ෂගෙනි. මනනුවන් රූපසිංහගේ අංග රචනයෙන් සහ නිරෝධ වෙරංගගේ දෘශ්‍ය ප‍්‍රයෝගයෙන් සූස්ති නිර්මාණය වේ. සූස්ති හි නිශ්පාදන කළමනාකරණය සචිත් ෆොන්සේකාගෙන් වන අතර ග‍්‍රැෆික් නිර්මාණ දුමින්ද කළු ආරච්චිගෙනි.
තාරුණ්‍යයේ නොදකින පැතිකඩ පිළිබඳ සියුම් ලෙස කතාබහට ලක් කරනු ලබන සූස්ති පවුලේ සැමට නැරඹිය හැකි චිත‍්‍රපටයකි.
Trending News
Travel
සිහිල් සුළං මැද්දේ - දියත වැවේ හැන්දෑවක්
- 20-08-2026
කොග්ගල කලපු දියෙන් එහා ඉමට
- 16-07-2026
පඩි 272 ක් නගින්න -මැලේසියාවේ යන්න
- 21-04-2026
