ලංකාවෙ චිත්‍රපට රටවල් 7 කට ගෙනයන්න IMDN දැන් සූදානම්

  • 24-09-2025
  • Views 101

ශ්‍රී ලාංකික සිනමාවට චිත්‍රපට නිෂ්පාදකවරුන්ට සහ අධ්‍යක්ෂවරුන්ට  ශක්තියක් වෙමින් ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය වෙන චිත්‍රපට ලෝකයේ රටවල් හතක ප්‍රදර්ශනය කිරීමේ අරමුණින් පිහිටුවා ගත්  IMDN  ( International Movie Distribution Network )  පළමු හමුව Monarch Imperial හීදී පැවැත්වුණා .

1.Mega live events ( Malaka Yapa - Australia and Newzealand  ) 

2.Ceylon Entertainment ( Ravi Senadhipathy -Canada )

3.Crown Entertatement  ( Prageeth perera -Italy )

4.Aayubo Creations 
(Thumindu Dodantenna - U.K )

5.Nozomi Entertatement 
( Chamara Lakruwan Ranasinghe  - Japan )

6. A.R Entertatement 
( Anjana Ravinath - South Korea ) සහභාගීත්වයෙන් පැවති මේ හමුවට ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති සුදත් මහදිවුල්වැව ,චිත්‍රපට නිෂ්පාදකවරු ,අධ්‍යක්ෂවරු ඇතුළු 70 ක පමණ පිරිසක් සහභාගි වුණා .

මාලක සහ රවි 2019  වර්ෂයේ සිට මේ දක්වා චිත්‍රපට පනහකට ආසන්න සංඛ්‍යාවක් වෙන් වෙන් වශයෙන් ඒ ඒ රටවල්වල පෙන්වා ඇති අතර IMDN අරමුණ වන්නේ ඔවුන්ගේ ජාලය ට අයත් රටවල් හතේ සිටින ශ්‍රී ලාංකිකයන් 825,000 ක් අතරට  තව දුරටත් ශ්‍රී ලාංකික චිත්‍රපට රැගෙන යාමයි.