මම රංගනයට ගොඩාක් ආසයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

20190218 (3)

මේ දිනවල ස්වාධීන රූපවාහිනියේ විකාශය වන “නිරාෂා” ටෙලි නාට්‍යය ඔස්සේ ඔබේ ආලින්දයට පැමිණෙන ජනිතා පෙරේරාට මෙවර සාරවිට කතාබහෙන් අප ඉඩක් වෙන් කර දුන්නා. ජනිතාගේ පලමු ටෙලි නාට්‍ය රංගනය වන “නිරාෂා”හි දිනිති නිසා ජනිතා සමාජයේ කතාබහට ලක් වූ චරිතයක් බවට පත් වී තිබෙනවා. ඉතින් ඇය සාරවිට සමග එකතු වූයේ මේ විදිහට.

 

කොහොමද “නිරාෂා” ටෙලි නාට්‍යයට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබෙන්නේ?

“නිරාෂා” ටෙලි නාට්‍යයට මට රඟපාන්න අවස්ථාව ලැබෙන්නේ ඔස්මෝ ක්‍රියේෂන් එකේ ප්‍රදීප් ජයවීර සහ අසිත රොහාන් නිසා. ඒ දෙන්නා තමයි මට ආරාධනා කළේ නිරාෂා නාට්‍යයට.

 

20190218 (6)“නිරාෂා”ට ආරාධනා ලැබෙන්න කලින් ඔබ කලා කටයුතුවලට දායක වෙලා තිබෙනවාද?

නිරාෂා නාට්‍යයට කලින් මට රඟපාන්න අවස්ථා ලැබිලා නැහැ. නිරාෂා තමයි මගේ පලමු නිර්මාණය. නමුත් පසුගිය දවසක මම රංගනයෙන් දායක වුණු “ශාරාදා” කියන මියුසික් වීඩියෝ එකක් රිලීස් වුණා.

 

ඔබගේ පෞද්ගලික තොරතුරු ගැන කිව්වොත්?

මම ජීවත් වෙලා ඉන්නේ ඕස්ට්‍රේලියාවේ. මම අවුරුදු 11දි තමයි ඕස්ට්‍රේලියාවට ගියේ. මම ඕස්ට්‍රේලියාවේදි ගිණුම්කරණය පැත්තෙන් අධ්‍යාපනය හැදෑරුවා. තව ගිණුම්කරණ අංශයේ රැකියාවකුත් කළා.

 

චන්දීපගෙන් ලැබෙන සහය කොහොමද “නිරාෂා” රූගත කිරීම් වලදී?

චන්දීප කියන්නේ මගේ හොඳම යාළුවෙක්. අපි ගොඩාක් සහයෝගයෙන් හැමදේම කතාබහ කරලා කරන්නේ. චන්දීපගෙන් මට ලොකු සහයක් ලැබෙනවා. ඉතින් අපි දෙන්නාගේ චරිත සාර්ථක වුණා නම් ඒකට අපේ සහයෝගයත්, මිත්‍රත්වයත් බලපාන්න ඇති.

 

ඔබේ පලවෙනි රංගනය තමයි නිරාෂා කියන්නේ. ඒ අත්දැකීම් කොහොමද?

හොඳ අත්දැකීමක්. අමාරු වුණේ නැහැ රඟපානවා කියන දේ. නිරාෂා නාට්‍යයේ මගේ චරිතය තමයි “දිනිති” කියන්නේ. ඇත්තටම දිනිති කියන්නේ මගේ ජීවිතයට සමාන කෙනෙක්. ඒක නිසා මට ඒ චරිතය නිරූපණය කරන්න එතරම් අපහසු වුණේ නැහැ. අනිත් එක සඳරුවන් ජයවික්‍රම අයියාගෙනුයි, ආශා එදිරිසිංහ අක්කාගෙනුයි ලොකු සහයෝගයක් ලැබුණා. ඒ දෙන්නා රූ ගත කිරීම් වලදි අපිට උපදෙස් දෙනවා.

 

මේ දිනවල අළුත් නිර්මාණවලට දායක වෙලා තිබෙනවාද?

අළුත් නිර්මාණයක් විදිහට “ශාරදා” මියුසික් වීඩියෝව පසුගිය 29දා එළිදැක්වූවා. ඒක අධ්‍යක්ෂණය කළේ වාසව බදුගේ. මේ ගීතය ගායනා කරන්නේ ලහිරු ලියනගේ. ශෙහාන් ගලහිටියාව අයියා තමයි ගීතය රචනා කළේ. යසස් මැදගෙදර සංගීතය නිර්මාණය කළේ. මමයි රාහුල් වාරවිටගේයි තමයි ගීතයේ රූප රචනාවට රංගනයෙන් දායක වෙන්නේ. මම හිතනවා ශාරාදා ගීතය හැමෝම ආසාවෙන් නරඹයි කියලා.

20190218 (4)

ඉදිරි වැඩකටයුතු ගැන කිව්වොත්?

මම රංගනයට ගොඩාක් ආසයි. නමුත් මම රංගනය වෘත්තීය විදිහට කරන්න බලාපොරොත්තුවක් නැහැ. විනෝදාංශයක් විදිහට තමයි රංගන කටයුතුවල නිරත වෙන්නේ. ඉදිරියේදී හොඳ නිර්මාණයක් ලැබුණොත් අනිවාර්යෙන්ම දායක වෙනවා.

 

ඔබේ කලාකටයුතුවලට උදව් කළ පිරිස් සහ විශේෂයෙන් මතක් කළ යුතු අය ගැන කිව්වොත්?

මුලින්ම මතක් කරන්න ඕනේ මගේ අම්මායි, තාත්තායි. ඒ දෙන්නා මගේ වැඩවලට සහයක් දුන්නේ නැත්නම් මට මේ තරම්වත් දේවල් කරගන්න ලැබෙන්නේ නැහැ. ඒ දෙන්නා දන්නවා මම රංගනයේ නිරත වෙන්නේ ගොඩාක් ආසාවෙන් කියලා. ඒ නිසා එයාලාගෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා. ඒ වගේම මගේ ලොකු අම්මාවත් ආදරෙන් මතක් කරන්න ඕනේ. එතකොට “නිරාෂා” කණ්ඩායම සහ “ශාරදා” කණ්ඩායමටත් මම ස්තූතියි කරනවා. විශේෂයෙන් සඳරුවන් ජයවික්‍රම අයියා, ආශා එදිරිසිංහ අක්කා, ප්‍රදීප් ජයවීර අයියාටත් ස්තූතියි කරනවා.

 

සටහන - කැළුම් දේවින්ද / ඡායාරූප - කවීත් මිලින්ද

20190218 (7) 20190218 (8) 20190218 (10)