‘සිරියා’ කියන චරිතයට ලැබෙන ප්‍රතිචාර ඉතා ඉහළයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

20210201Ayesha (5)නර්තන ශිල්පිනියක් ලෙස කලා ක්ෂේත්‍රයට එක්වූ අයේෂා මධුෂානි වර්තමානයේ ප්‍රේක්ෂක ඔබගේ ආදරය දිනා ඇත්තේ රංගන ශිල්පිනියක් ලෙසය. මේ දිනවලද කලා නිර්මාණ කිහිපයකින්ම දකින ඇය ඉදිරියේදී තවත් කලා නිර්මාණ බොහෝමයක් හරහා ප්‍රේක්ෂක ඔබ අතරට පැමිණිමට සූදානමින් සිටියි. මේ ‘සාරවිට’ අප සමග ඇය කළ කතා බහයි.

මොනවද මේ දවස්වල වැඩ?

අලුත් ටෙලි නාට්‍යය දෙකකට සම්බන්ධ වෙලා වැඩ කරනවා. ඊට අමතරව මගේ නර්තන කණ්ඩායමත් එක්ක වැඩ කරගෙන යනවා.

අලුත් නාට්‍යය දෙකේ විස්තර කියමුකෝ?

දැනට මේ නාට්‍යය දෙකේ රූපගත කිරිම් කටයුතු විතරයි කරලා තියෙන්නේ. දැනට කොටස් දහයක් විතර කරලා තියෙනවා. තාම නාලිකාවක් තෝර ගෙනෙත් නැහැ මේ ටෙලි නාට්‍යය දෙක විකාශය කරන්න. ඉතින් ඒ නාට්‍යය පිළිබඳව ඉදිරියේදී වැඩි විස්තර කියන්නම් මම.

ඔබ නැටුම් පන්ති කිහිපයක්ම ආරම්භ කරන්න සැළසුම් කරලා තියෙනවා නේද?

කොළඹ නැටුම් පන්ති ආරම්භ කරන්න හිතාගෙන ඉන්නවා පෙබරවාරි මාසයේදී. ඒ එක්කම කුරූණැගල තවත් නැටුම් පනතියක් ආරම්භ කරන්න හිතාගෙන ඉන්නවා මාර්තු මාසයේදී. බොහෝවිට ඉදිරි කාලයේදි මම මේ වෙනුවෙන් කාර්යබහුල වේවි.

මේ වැඩත් එක්ක ඔබ කර්යබහුල වෙයි නේද?

ඇත්තටම, මම කාර්යබහුල ජීවිතයකට ආස කෙනෙක් නෙමෙයි. පසුගිය කාලේ එකදිගට වැඩ කළා. ඉතින් ඉදිරියේදි මම බලාපොරොත්තු වෙනවා හොඳ නිර්මාණ පමණක් තෝර ගෙන කාර්යබහුල නොවන විදිහට මගේ වැඩත් කරගෙන කලා ක්ෂේත්‍රය තුළ රැඳිලා ඉන්න.

මේ දිනවල අයෝෂාව අපිට දකින්න ලැබෙන්නේ‍්?

හිරු නාලිකාවේ යන සනත් අබේසේකර මහත්මයාගේ ‘මහවිරු පණ්ඩු’ කියන නාට්‍යය විකාශය වෙනවා. එහි මම ‘සිරියා’ කියන චරිතය තමයි නිරූපණය කරන්නේ.

‘සිරියා’ට ලැබෙන ප්‍රතිචාර කොහොමද?

මම දැනට ටෙලි නාට්‍යය රැසක විවිධ චරිත නිරූපණය කරලා තියෙනවා. නමුත්, ‘සිරියා’ කියන්නේ මා රංගනයෙන් දායක වුණ වෙනස්ම චරිතයක්. ඒ වගේම ප්‍රේක්ෂකයෝ මාව අමුතුම විදිහකට දැකපු චරිතයක්. ගොඩක් අය කැමතියි මගේ මේ වෙනසට. මගේ ගමේ අය නම් ගොඩක් කැමතියි ‘සිරියා’ කියන චරිතයට.

ඔබගේ නැටුම් කණ්ඩායමට දැන් වැඩ තියෙනවාද?

‘කොවිඩ්’ නිසා ලංකාවේ ඇතිවුණ තත්ත්වයත් එක්ක වැඩ ගොඩක් නතර වුණා. නමුත්, නැටුම් කණ්ඩායම අපි නැවැත්තුවේ නැහැ. ඒ අතරේත් අපි පුහුණු වුණා. දැන් ආයෙත් වැඩ ටික ටික ලැබෙනවා. මම හිතනවා ඉදිරියේදී අපිට නැවතත් අපේ නැටුම් කණ්ඩයමත් එක්ක සුපුරුදු කාර්යබහුලත්වයට එන්න පුළුවන් වේවි කියලා.

සටහන - බුද්ධික සේනාධීර

20210201Ayesha (1) 20210201Ayesha (2) 20210201Ayesha (3) 20210201Ayesha (4) 20210201Ayesha (6)