නිකිණි වැස්ස සිනමාපටය සමඟ ප්‍රේක්ෂක ආදරය දිනාගත් අරුණ ජයවර්ධනගේ දෙවැනි සිනමා නිර්මාණය “1970 : ලව් ස්ටෝරි” නුදුරේදීම තිරගත කිරීමට සුදානම් බව මිරර් ආට් වෙත වාර්තා වෙයි.
අතීතය හා වර්තමානය එකට යා කරන භීතිය, කුතුහලය පිරි අපූරු කතා පුවතකින් යුත් මෙම සිනමාපටයයේ හේමාල් රණසිංහ, ගම්‍යා විජේදාස, බිමල් ජයකොඩි, මහේන්ද්‍ර පෙරේරා, අශාන් ඩයස්, සරත් කොතලාවල, සඳනි ප්‍රනාන්දු, සමන් හේමරත්න ඇතුලු රංගන ශිල්පීන් ගණනාවක් චරිත නිරූපණය කරනු ලැබේ.
තිර රචනය අරුණ ජයවර්ධන ගෙන්ද, චන්න දේශප්‍රිය සිනමා ඡායාරූප අධ්‍යක්ෂණයෙන්ද, තිස්ස සුරේන්ද්‍ර සංස්කරණයෙන්ද, සුනිල් ප්‍රේමරත්න කලා අධ්‍යක්ෂණයෙන්ද, තිලිණ රුහුණගේ සංගීත නිර්මාණයෙන්ද එක්වන 1970 : ලව් ස්ටෝරි සමන් එදිරිසිංහගේ නිෂ්පාදනයකි.
Trending News
Travel
සිහිල් සුළං මැද්දේ - දියත වැවේ හැන්දෑවක්
- 20-08-2026
කොග්ගල කලපු දියෙන් එහා ඉමට
- 16-07-2026
පඩි 272 ක් නගින්න -මැලේසියාවේ යන්න
- 21-04-2026















