ආණ්ඩුවෙ ඉන්න බලවත්ම තරුණ ඇමැති කෙනකුට (පාට්) දාන ලේකම් සයිස් කෙනෙක් ඉන්නවලු.. එයා රටේ ඉහළම තැන් එක්ක ඉතාම හිතවත් නිසා රාජ ඌෂ්ණය ගහපු කෙනෙක් කියල කියැවෙනව.
උන්නැහේ නිසා පීඩාවට පත්වෙන තරුණ ඇමැතිට කැබිනට් විෂයක් එක්ක රාජ්‍ය ඇමැති මට්ටමේ පට්ටමකුත් තියෙනව... (පාට් දාන) ලේකම් තැන ඉන්නෙ රාජ්‍ය අමාත්‍යංශය අයිති කන්තෝරුවෙලු.
කොහොම හරි මේ දෙන්නගෙ ආරවුල දුරදිග ගිහිල්ල ඇමැති තැනට කන්තෝරුවෙ වැඩකර ගන්න අමාරු වෙනකොට උන්නැහේ මේ ගැන ආණ්ඩුවෙ ඉහළම තැන්වලට ලොකු පැමිණිල්ලක් දැම්ම... ඒකට වෙන දේ බලන් ඉඳල ඊළඟ පියවරට යන්නලු ඇමැති තැනගේ බලාපොරොත්තුව.
මේ ඇමැති තැනත් ආණ්ඩුවෙ බලවත්ම අතුවලට සම්බන්ධ නිසා කතන්දරේ ඉදිරියේදි ලොකු වෙයි කියල තතු දත් අය කියනව.

Trending News
Events
වයිෆ් ට 50 යි
- 08-04-2026
ඉන්දියානු රස වෑහුණු -පරම්පරා
- 31-03-2026
ඉන්දියාවේ ඉලෙයිරාජා සිංහල සිනමාවට එක්වෙයි
- 30-03-2026
ලංකාවේ සිනමාවේ දෙවැනි ලකා රට වටේ
- 25-03-2026
