අඩු නොවන ඉනේ ප්‍රමාණය



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-12-18-ent-2317මේ දිනවල රූගත කෙරෙන දීර්ඝ ටෙලි නාට්‍යක රඟපාන ප්‍රධාන නළුවෝ දෙන්නෙකු ඒ චරිතවලට ටිකක් මහත වැඩි නිසා අධ්‍යක්ෂකවරයා කිව්වලු පොඩ්ඩක් කැපවෙලා බර අඩු කරගන්න කියලා. එකදිගට මාස දෙකක් නැවතිලා ෂූටිං කරන්න තියෙන නිසා සහාය අධ්‍යක්ෂකටත් කිව්වලු ඒ අයට අවශ්‍ය විශේෂ කෑම බීම ගැන හොයා බලන්න කියලා.

ඒ දෙන්නත් ඒකට එකඟවෙලා දැන් ඉතා පරෙස්සමෙන්ලු කෑම බීම ගන්නෙ මේ කාලෙ තුළ.සතියක් විතර ගිහින් බැලුවම එක නළුවෙකුගෙ ඉන අඟල් දෙකකට කිට්ටුවෙන්න අඩුවෙලා. අනිත් නළුවගෙ ඉනේ ප්‍රමාණයේ කිසි අඩුවක් වෙලා නැහැ. මෙයාට ඒක ලොකු ප්‍රශ්නයක්ලු. සති දෙකක් ගිහින් කලිසම් ඇඳලා බැලුවම ඒත් ඉනේ වෙනසක් නැහැලු. අනිත් නළුවගේ අඩුවෙලා.

අර නළුවා කොච්චර මානසිකව වැටිලද කියනවා නම් හරියට දැන් දෙබස් ටිකවත් මතක් වෙන්නෙ නැහැලු. එයා කොහොම හරි මේ ප්‍රශ්නේ ගැන අධ්‍යක්ෂකට කියලා.“ඔයා ඒ ගැන හිතන්නෙපා. මට අවශ්‍ය ප්‍රමාණෙට ඔයාගෙ ඇඟ කෙට්ටුවෙලා තියෙනවා. ඉතින් මට අවුලක් නැහැ. අධ්‍යක්ෂක කිව්වලු.

කට්ටියට වෙලා තියෙන දේ ආරංචි වුණේ සතියක් විතර ගියාට පස්සේ. ඉනේ ප්‍රමාණය අඩු නොවුණ නළුවගෙ හොඳම යාළුවෙක් තමයි මේ ටෙලි නාට්‍යයේ කලා අධ්‍යක්ෂණය හා ඇඳුම් බාරව ඉන්නෙ. මෙයා කරලා තියෙන්නෙ අර නළුවගෙ කලිසම්වල ඉන අඟලෙන් අඟල අඩු කරලා කලිසම් හදන එකලු. දවස් දෙක තුනකට සැරයක්. ඉතින් අර නළුවා කලිසම අඳින අඳින ගානට ඉනේ වෙනසක් පේන්න නැහැලු. 

 

DESHAYA