ඕනෑම සත්වයෙකුට ජීවිත දානය ලබාදෙන එක කොයිතරම් විශාල පුණ්‍යකර්මයක්ද?
මේ හේතුව නිසාම බොහෝ පින්බර සිත් ඇති අයකරන දෙයක් මරණයට කැපවූ ගවයින් නිදහස් කිරීම. අපේ කලා ශිල්පීන් පිරිසකුත් මේ ළඟදී දවසක ඒ වගේ පුණ්‍ය කටයුත්තක් සංවිධානය කළා.පින් අතේ වැඩ කරන්න පින් කැමති හැමෝම සම්මාදම් කරගැනීමත් පින් අතේ වැඩක් කියලා කියනවනෙ. ඒ නිසා මේ කට්ටියත් දන්න දන්න අයට කියලා මේ වැඩේට ඒ අයවත් සම්බන්ධ කරගත්තා.බොහොම අමාරුවෙන් එදිනෙදා ජීවිතේ ගතකරන අහිංසක මනුස්සයෙක් මේ වැඩේ ගැන ආරංචි වෙලා පුංචි සම්මාදමක් කාලාලු එයාට පුළුවන් මට්ටමින්.
අනේ මම ඉතින් ලොකුවට සල්ලි තියෙන කෙනෙක් නෙවෙයි. එදිනෙදා හම්බ කරන කෙනෙක් මම. මේ චූටි ගාණ මහත්තයලා කරන මේ පින් අතේ වැඩට ගන්න. ගවයෙක් නිදහස් කරන්න මේ ගාණ කොහොමටවත් මදි තමයි. ඒත් අඩු තරමේ මේකෙන් වලිගයක්වත්.... ඔහු ඉතාම අහිංසක ලෙස කිව්වලු.
Trending News
Events
රංගේන්ද්‍ර රවීන්ද්‍ර පාඨක සුරතට
- 09-03-2026
වර්ෂාගෙ ආදර ගීතය විඳින්න මාලඹේට ලොකු සෙනඟක්
- 06-02-2026
ගිරාගෙ දුවට අද ඉස්තරම් දවසක්ලු
- 22-01-2026
මළ මඟුලයි ...එන්න ළඟයි
- 14-01-2026
