ඉස්සර ගම්පැතිවල කාලෙන් කාලෙට සැණකෙළි පැවැත්වුණානෙ නොයෙක් දේවල් සමරන්න. මාරක ළිඳ, ලෝකෙ අරුම පුදුම සතා වගේ දේවල් බලන්න ගමේ මිනිස්සු සිය ගණනකින් එක්රොක් වුණා.එක්තරා ගමක තිබිලා තියෙනවා අද්භූත මළමිනිය කියලා අලුත්ම අංගයක්. ඒක වෙන්නෙ මෙහෙමයි. මිනීපෙට්ටියක මිනියක් තියෙනවා. සෙනඟ වටවෙලා බලන් ඉන්නවා. එකපාරටම මිනිය ඔළුව උස්සලා බලලා, ආයෙත් නිදාගන්නවා.ඔය මිනීපෙට්ටියේ නිදාගන්න කොටස කරන්න පොරොන්දු වුණු කෙනා අන්තිම මොහොතෙ පොල්ලක් තියලා. දැන් සංවිධායකවරැන්ට ලොකු ප්‍රශ්නයක්ලු. ගමේ කිසිම කෙනෙක් වැඩේට කැමතිවෙලා නැහැ.
අන්තිමේදී එක්කෙනෙක් කැමතිවෙලා. හැබැයි මිනිහා ඔසුපැන් බෝතල් භාගයක්වත් නොබී වැඩේ කරන්නෙ නැහැ කියලා. කරන්නම දෙයක් නැති තැන භාගයක් පොවලා මිනිහව මිනීපෙට්ටියට දාලා.පළවෙනි විනාඩි දහය පහළොව ඇතුළත මිනිහා වැඩේ සුපිරියට කරලා.
හැබැයි ඊටපස්සෙ පස්සෙ මේක බලන්න ආපු කට්ටිය අහනවලු පෙට්ටියේ ඉන්නෙ ඇත්ත මිනියක්ද? කියලා. බැලින්නම් හොඳට වැදිච්ච මිනිහා කට කපලා පෙට්ටියෙ නිදිලු, මළාට නැගිට්ටේ නැතිලු.
► Text - Mithra
Trending News
Events
රංගේන්ද්‍ර රවීන්ද්‍ර පාඨක සුරතට
- 09-03-2026
වර්ෂාගෙ ආදර ගීතය විඳින්න මාලඹේට ලොකු සෙනඟක්
- 06-02-2026
ගිරාගෙ දුවට අද ඉස්තරම් දවසක්ලු
- 22-01-2026
මළ මඟුලයි ...එන්න ළඟයි
- 14-01-2026
