ගොඩක් අය හිතනවනේ අපේ රටේ වෘත්තියක් හැටියට කලාවේ නිරත වෙන්න බැහැයි කියලා. ඒ නිසාමද කොහෙද බොහෝ කලා ශිල්පීන් වෙනත් වෘත්තීන්වල නියැලෙන ගමන් තමයි කලා කටයුතුවලට දායක වෙන්නේ.
ඔන්න ඔය වගේ පෞද්ගලික ආයතනයක විධායක ශ්‍රේණියේ රැකියාවක් කරන තරුණ කලා ශිල්පියෙක් ඉන්නවා. ළඟදි දවසක කොල්ලා කසාද බැඳලා. ඊයෙ පෙරේදා දවසක එයාගේ ලොක්කා එක්ක පොඩි කතාවක් දානගමන් මේ ශිල්පියා කිව්වලු විවාහයෙන් පස්සේ ජෝඩුව වෙනම ජීවත් වෙන නිසාත්, කලා කටයුතුවල වැඩියෙන් නියැලෙන්න බැරි වෙන නිසාත් හැකිනම් පඩි වැඩි කිරීමක් සලකා බලන්න කියලා.
ඔයා අපේ ආයතනයට විශාල ශක්තියක් තමයි. ඒ වටිනාකම ඔයාට හැමදාම අපෙන් ලැබෙනවා. ඒත් මේ ආයතනයෙන් පිට ඔයා කරගන්න අතුරු අන්තරාවලට නම් අපිට වගකියන්න බැහැ කියලා ලොක්කා ගත් කටටම කිව්වලු.
Trending News
Events
රංගේන්ද්‍ර රවීන්ද්‍ර පාඨක සුරතට
- 09-03-2026
වර්ෂාගෙ ආදර ගීතය විඳින්න මාලඹේට ලොකු සෙනඟක්
- 06-02-2026
ගිරාගෙ දුවට අද ඉස්තරම් දවසක්ලු
- 22-01-2026
මළ මඟුලයි ...එන්න ළඟයි
- 14-01-2026
