එක්තරා යුගයක සිංහල සිනමාවේ රැල්ලක් තිබුණා. ඒ කාලේ චිත්‍රපට කීපයක් අධ්‍යක්ෂණය කළ එක්තරා සිනමාකරුවෙක් දැන් චිත්‍රපටයක් කරලා නැහැ අවුරුදු 25කින් විතර.
ඒත් ඔහු තාමත් ජීවත් වෙන්නේ අර කියපු චිත්‍රපටවල මතකයන් එක්ක. කවුරුහරි කෙනෙක් කතාවට සෙට් වුණාම ලේසියෙන් ගැලවෙන්න බැහැ මෙයාගෙන්. එයාගේ කාලේ කරපු චිත්‍රපට ගැන, ඒ කාලේ කරපු හපන්කම් ගැන ඉතින් පුදුම කයිවාරුවක් ගහන්නේ. මෙයා ගැන දන්න අය නම් දැක්ක තැන ෂේප් එකේ මෙයාව මඟඅරිනවා.
කොහොමහරි දවසක් මේ හිටපු අධ්‍යක්ෂකවරයා පොළට ගිය වෙලාවක දැකලා අලුත් පරපුරේ නළුවෙක් එළවළු ගන්න ඇවිත් ඉන්නවා. එයාගේ බෑග් එකේ පලා වර්ගයක් තිබුණලු පේන්නට.ආ කොහොමද? මෙහෙම කාලා බැහැ හරිද? අපේ කාලේනම් අපි හොඳට කෑවා කියලා අර පැරැණි අධ්‍යක්ෂකවරයා කිව්වලු.අර නළුවා ගත් කටටම ඇහුවලු සිනමාවද කෑවේ? කියලා.
Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022
