අද කාලෙ ජංගම දුරකතනය තරම් සන්නිවේදනයට පාවිච්චි කරන වෙනත් දෙයක් නැති තරම්. ඒ තරමට මිනිස්සු අතර එය ප්‍රචලිත වෙලා.
එදා SMS, තිබුණට තාක්ෂණයේ වේගවත් වර්ධනයත් සමඟම වෙනත් ක්‍රම රැසක් ජංගම දුරකතනය හරහා සන්නිවේදන කටයුතු සඳහා පාවිච්චි කරන්න පුළුවන්.ඒත් බොහෝ දෙනෙක් තාමත් SMS නැත්නම් කෙටි පණිවිඩ යවන්නෙ ඉංග්‍රීසි අක්ෂර භාවිත කරගෙන. අද රෑට රොටි කමුද? කියලා ලියන්නෙ Adareta roti kamuda කියලා. දැන් ඔය පණිවිඩේ කියවන මනුස්සයෙක් ඕක තේරුම් ගන්නෙ වෙනත් විදිහකට. ආදරේට රොටි කමුද? කියලා.අපේ ගෙවල් කිට්ටුව තරුණ ළමයි සංවිධානය කළ පුංචි දන්සලකට ආධාර ලබාගන්නත් ඒ ළමයි ඉංග්‍රීසියෙන් සිංහල කෙටි පණිවිඩ යවලා තියෙනවා අහළ පහළ අයට.
Puluwannam Apata Podi Adarayak labadenna (පුළුවන්නම් අපට පොඩි ආදරයක් ලබා දෙන්න.)
► Text - Mithra
Trending News
Events
රංගේන්ද්‍ර රවීන්ද්‍ර පාඨක සුරතට
- 09-03-2026
වර්ෂාගෙ ආදර ගීතය විඳින්න මාලඹේට ලොකු සෙනඟක්
- 06-02-2026
ගිරාගෙ දුවට අද ඉස්තරම් දවසක්ලු
- 22-01-2026
මළ මඟුලයි ...එන්න ළඟයි
- 14-01-2026
