බඩගිනි දැනුණුම විවිධ අය ප්‍රතිචාර දක්වන්නේ වෙනස් විදිහට. කලා ලෝකේ අය කියලා වෙනසකුත් නැහැ. මොකද ඒ අයත් මනුස්සයොනේ.
සමහර අය බඩගිනි වුණාම හීනියට සින්දුවක් මුමුණනවා. සමහරැ එකපාරටම පොතක් අරන් කියවන්න පටන් ගන්නවා. ගොඩක් අය මූඩ් ගහනවා. ෂූටිං ගියාම ගෙදර වගේ අපිට ඕන වෙලාවට කෑම කන්න බැහැනේ.
හැබැයි මේ කියන්න යන්නේ වෙනස්ම විදිහේ කතාවක්. මේ තරුණ ශිල්පිනිය බඩගිනි වුණාම එකපාරටම ළඟ ඉන්න කෙනාට කියනවලු අනේ මට කිසිදෙයක් පේන්නෙ නැහැ. නිකම් කළුවර වීගෙන එනවා වගේ කියලා.මුල් කාලේ නම් කට්ටිය බය වුණාලු කෙල්ල ඔහොම කියනකොට. හැබැයි දැන්නම් කට්ටියට පුරුදු වෙලා. ඇස් පේන්නෙ නැතුව එනවා වගේ කිව්වම එයාට බිස්කට් දෙක තුනක් කන්න දුන්නම හරියනවා. බැලින්නම් මෙයා බඩගිනි වුණාම තමයි අර විදිහට කියන්නේ. හැබැයි ඉතින් ලස්සනම වැඩේ කියන්නේ හොඳ බත් එකක් කාලා පැය බාගයක් විතර යද්දිත් සමහර දවස්වලට මෙයාට ඇස් පේන්නෙ නැතුව යනවලු.
Trending News
Events
රංගේන්ද්‍ර රවීන්ද්‍ර පාඨක සුරතට
- 09-03-2026
වර්ෂාගෙ ආදර ගීතය විඳින්න මාලඹේට ලොකු සෙනඟක්
- 06-02-2026
ගිරාගෙ දුවට අද ඉස්තරම් දවසක්ලු
- 22-01-2026
මළ මඟුලයි ...එන්න ළඟයි
- 14-01-2026
