එක්තරා චිත්‍රපට නිෂ්පාදකවරයෙකුගේ කාර්යාලයේ සේවය සඳහා අලුතින් පියන් කෙනෙක් අවශ්‍ය බව දන්න කියන හිතමිතුරන්ට කියලා තිබ්බලු.
ඒ අතරතුර කීප දෙනෙකුම ඇවිත් තියෙනවා සම්මුඛ පරීක්ෂණයට. “ඒ ආපු අයත් එක්ක කතා කළාම ඒගොල්ලො ගැන වෙනම චරිත ගොඩනගන්න පුළුවන් චිත්‍රපටවලට. නිෂ්පාදකවරයා යාළුවෙකුට කියලා.“එක්කෙනෙක් ආවා. එයාගෙ වයස අවුරැදු 65ක් විතර ඇති. එයා ඒ කාලෙ ප්‍රසිද්ධ ඉංග්‍රීසි ටියුෂන් ගුරැවරයෙක්ගෙ පන්තියකට ගිහින් තියෙනවා. අහන අහන ප්‍රශ්නවලට එයා අර ටියුෂන් පන්තිය අදිනවම තමයි.
“දැන් අපි ඔයාව මේ ජොබ් එකට තෝරගත්තා කියමුකො. උදේ 8.30 වෙද්දී මෙහෙ ඉන්න පුළුවන්ද?“ඔව් සර්.. මම අර ඉංග්‍රීසි පන්තියට යන කාලෙත් උදේම නැගිටලා පාන්දර හයේ කෝච්චියෙන් වෙලාවට ටියුෂන් පන්තියට ගියා. ඒකෙ අවුලක් නැහැ.“බැංකුවට ගිහින් චෙක් තැන්පත් කරන්න එහෙම දන්නවද?
“අපෝ ඔව් සර්. අර ඉංග්‍රීසි සර් අපට ඉගැන්නුවානෙ බැංකු ස්ලිප් පුරවන හැටි. ඒක සුළු දෙයක්.“ඒකට කමක් නැහැ. මේ ඔෆීස් එකේ උදේ සවස වැඩකරන අයට තේ හදන්නත් තියෙනවා. ඔයාගේ ඉංග්‍රීසි සර් තේ හදන හැටි ඉගැන්නුවෙ නැහැනෙ.“
නෝ සර්...
Trending News
Events
රංගේන්ද්‍ර රවීන්ද්‍ර පාඨක සුරතට
- 09-03-2026
වර්ෂාගෙ ආදර ගීතය විඳින්න මාලඹේට ලොකු සෙනඟක්
- 06-02-2026
ගිරාගෙ දුවට අද ඉස්තරම් දවසක්ලු
- 22-01-2026
මළ මඟුලයි ...එන්න ළඟයි
- 14-01-2026
