මේක නම් ළඟදී දර්ශන තලයක අහපු තවත් අපූරු කතාවක්.
සමහරු ඉන්නවානෙ ඕනවට වඩා එක එක දේවල් ගැන කල්පනා කරන. ඒ හේතුව නිසා ඒ වගේ අයට අහක යන පොල් පරාලත් ඔළුවට වැටෙනවා.ඔන්න ඒ වගේ කෙනෙක් යාළුවෝ සෙට් එකක් කොච්චියේ දුර ගමනක් ගියාලු. ඔය කෝච්චිවල කඩල, වඩේ, ඇපල් විකුණන වෙළෙන්ඳෝ එනවනෙ.
මෙයාගේ යාළුවෝ ටික ඒ වගේ වෙළෙන්ඳෙකුගෙන් උණු උණු වඩේ ගත්තලු. දැන් කට්ටියම වඩේ කනවා. ඒත් මේ මනුස්සයා වඩේ එක එක පැතිවලට හරව හරවා බලනවලු ඕකේ මොනවද දාලා තියෙන්නෙ කියලා.“ඔන්න ඕක නිකං කාලා දානවා. මේ අපිත් කන්නෙ. උඹට නම් පිස්සු. කියලා යාළුවෙක් කිව්වලු.
ටික වෙලාවක් ගියාට පස්සෙ තමයි මෙයා වඩේ එක කන්න පටන් අරන් තියෙන්නෙ. කාලා විනාඩි 5ක් ගියේ නැහැල්ලු මෙයා යටිගිරියෙන් කෑ ගහන්න පටන්අරන්.“අයියෝ මේ වඩේ එකට මොනව හරි දාලා තියෙනවා. මගේ ඇස් දෙක පේන්නේ නැතුව යනවා. වටේම කළුවර වී ගෙන එනවා. කියලා.
බැලින්නම් කෝච්චිය ඒ වෙලාවෙ උමඟක් ඇතුළෙන්ලු ගමන් කරලා තියෙන්නෙ.
Trending News
Events
රංගේන්ද්‍ර රවීන්ද්‍ර පාඨක සුරතට
- 09-03-2026
වර්ෂාගෙ ආදර ගීතය විඳින්න මාලඹේට ලොකු සෙනඟක්
- 06-02-2026
ගිරාගෙ දුවට අද ඉස්තරම් දවසක්ලු
- 22-01-2026
මළ මඟුලයි ...එන්න ළඟයි
- 14-01-2026
