එයාට අයියා මට අංකල්

  • 13-10-2019
  • Views 2940

2019-09-17-ent-1100එක්තරා කලා උත්සවයකදී තරමක සම වයසේ සීමාවක සිටි ශිල්පීන් දෙදෙනකු සමඟ සුහද කතාබහකට යොමු වුණේ එක්තරා ප්‍රවීණ කලා ශිල්පියෙකුගේ දියණියක්.

මේ දියණියක් කලාවට යොමුවී සිටින්නියක් නිසා කලා ලොවේ බොහෝ දෙනෙකු සමඟ ඇය වෘත්තීය මට්ටමින් ගනුදෙනු කරනවා. අර ශිල්පීන් දෙදෙනාගෙන් එක් අයෙකුට ඇගෙන් විමසන්න කාරණයක් තිබුණලු.ඔයා ඇයි මගේ මිත්‍රයාට අයියා කියද්දී මට අංකල් කියන්නෙ?

අයියෝ අංකල් ඉතින් ඔයා මාව දන්න කාලෙ ඉඳලම මට කතා කළේ දුව කියලනෙ. මේ අයියා දන්න කාලෙ ඉඳලා මට කිව්වෙ නංගි කියලා. ඉතින් මම කොහොමද දුව කියන කෙනෙකුට අයියා කියන්නෙ.ඒ කතාවෙත් ඇත්තක් තියෙනවා.  

 

► Text - Mithra