කොළඹ සිට දුර ගමනක් යන ඉන්ටර්සිටි බස් එකකට නැග්ගලු කලාවටත් දුරින් සම්බන්ධකමක් තියෙන කෙනෙක්. මෙයා ගිහින් වාඩිවෙලා තියෙන්නෙ ලස්සන තරුණ ගෑනු ළමයෙක් ළඟ තිබුණු සීට් එකේලු.
මිනිහට දැන් මේ තරුණ ගෑනු ළමයත් එක්ක කතා කරනකම් ඉවසිල්ලක්ම නැහැලු. ඒත් ඔළුවට කිසිම අදහසක් ආවෙම නැහැලු. එක පාරටම කෙල්ලගෙන් හමාආපු සුවඳ විලවුන් පාරත් එක්ක මෙයාට ආවලු අදහසක්...“මිස් මොනවද ඔයා පාවිච්චි කරන සෙන්ට් වර්ගය.. හරිම සුවඳයි..
“ඇයි මොකටද අහන්නේ. කෙල්ල ඇහුවලු.“නෑ... මගේ වයිෆ්ටත් මේ වගේම සෙන්ට් එකක් අරන් දෙන්න.. ඒකයි.“එපා.. එපා.. ඔය මහත්තයගේ වයිෆ්ට ඔය සෙන්ට් එකක් අරන්දෙන්න එපා. එයාට කරදර වෙයි. ඕක ගාගෙන එයා තනියෙන් ගමන් බිමන් ගියාම එයාට පිරිමින්ගෙන් බේරුමක් නැති වෙයි.
Trending News
Events
රංගේන්ද්‍ර රවීන්ද්‍ර පාඨක සුරතට
- 09-03-2026
වර්ෂාගෙ ආදර ගීතය විඳින්න මාලඹේට ලොකු සෙනඟක්
- 06-02-2026
ගිරාගෙ දුවට අද ඉස්තරම් දවසක්ලු
- 22-01-2026
මළ මඟුලයි ...එන්න ළඟයි
- 14-01-2026
