එළිවෙනකොට කියන සින්දු

  • 17-08-2019
  • Views 3251

2019-08-09-ent-249සාමාන්‍යයෙන් එළිමහන් සංගීත ප්‍රසංගවල හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට කියලනෙ කියන්නෙ. ඒ කියන හොඳට නැටවෙන සින්දු ටික කියන ගායක ගායිකාවො බහින්නෙ ෂෝ එකේ අන්තිම හරියෙදි.

පසුගිය දවසක පාන්දර දෙක තුනට විතර අපේ කලා ශිල්පියෙක් ෂූටින් කරන තැනක තනියම අමරදේව මාස්ටර්ගෙ සින්දුවක් කියලා අතටම මාට්ටුවෙලා.

බැලින්නම් ඒක හරිම සංවේදී කතාවක්.

කට්ටියම මේ ලොකේෂන් එකේ එක දිගටම මාස දෙකක් විතර ෂූටින්ලු.මේ කලා ශිල්පියාත් සති ගාණක් මේ වැඩෙත් එක්ක හිරවෙලා. කීයට වුණත් ෂූටින් ඉවර වුණාට පස්සෙ එයා නෝනත් එක්ක ෆෝන් එකේ මල් කඩනවලු. ඔන්න ඔය වගේ වෙලාවක තමයි එයාගෙ නෝනා එයාගෙන් ඉල්ලීමක් කරලා තියෙන්නෙ අමරදේව මාස්ටර්ගෙ සින්දුවක් කියන්න කියලා.

 

DESHAYA