ඒ යකා මටත් එහෙම කිව්වනෙ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-06-07-ent-158චිත්‍රපට, ටෙලිනාට්‍ය නිර්මාණයේදී ප්‍රේක්ෂකයා දකින්න කතන්දරවලට වඩා ලස්සන කතා තිරයේ පිටුපස දකින්න තියෙනවා කියලා කේෂත්‍රයේ අය දන්නවා. මේකත් ඒ වගේ සිද්ධියක්. තරුණ නවක නිළියො දෙන්නෙක් අතර මෑතක සිදුවුණු ජංගම දුරකතන සංවාදයක්.

“හානේ කාලෙකින්, ඔයා මොනවද මේ දවස්වල කරන වැඩ?”

“මම අහවල් ටෙලි නාට්‍යයේ වැඩ. හොඳ රෝල් එකක්. මෙයානෙ අධ්‍යක්ෂණය කරන්නෙ.”

“ආ ඇත්තද? මමත් ගිය අවුරුද්දෙ එයාගෙ ටෙලියෙ වැඩ කළා...”

“මම ගැන නම් මිනිහා හොඳටම පැහැදිලා. මාව කවදාහරි ස්වර්ණා මල්ලවාරච්චි කෙනෙක් කරලලු පස්ස බලන්නෙ.”

“ඈ යකඩො, ඒ යකා මටත් ඔය ටිකමනෙ කිව්වෙ... අඩුම ගාණෙ උඹට වෙන නිළියකගෙ නමක් කිව්වා නම් එකක්...”

 

DESHAYA