අපි කරන ඕනම ක්‍රියාවක අවසන් ප්‍රතිඵලය කවදා, කොහේ, කාට බලපානවද කියලා වෙලාවකට අපි කවුරුවත්ම දන්නෙ නැහැ.ඔන්න ඔය වගේ උදාහරණයක් වන එක ලස්සන කතාවක් අපේ කලා ශිල්පියෙක් පසුගිය දවසක අපට කිව්වා. කියුබාව වගේ රටකට නියඟයක් ආවොත් ලංකාවෙ ඉන්න නයි ටිකට ලොකු තර්ජනයක් වෙයි කියලා මම කිව්වොත් ඕගොල්ලො පිළිගනීද? නැහැනෙ. එක්කො හිනාවෙයි. නැත්තම් මට පිස්සු කියලා කියයි.ඉතින් එහෙම වෙන්නෙ කොහොමද කියලා කියන්නකො. ඊට පස්සෙ අපි තීරණය කරන්නම් හිනා වෙනවද? නැද්ද කියලා.
හරි එහෙනම් අහගන්න. කියුබාව තමයි ලෝකෙ ලොකුම උක් වගාවට හිමිකම් කියන්නෙ. වැඩියෙන්ම සීනි පිටරට යවන්නෙත් කියුබාවෙන්. ලංකාවට සීනි ලැබෙන්නෙත් කියුබාවෙන්. දැන් හිතමුකො කියුබාවට නියඟයක් ඇවිල්ලා ඒගොල්ලන්ගෙ උක් වගාවට බලපාලා සීනි අපනයනය නැවතුණා කියලා. එතකොට ලංකාවෙ අපටත් බලපාවි. අපිටත් හකුරු වැඩියෙන් හදන්න වෙයි. වැඩියෙන් හකුරු හදන්න ඉතින් හුඹස් මැටිත් වැඩියෙන් පාවිච්චි කරන්න වෙයි. එතකොට බලන්න ලංකාවෙ ඉන්න නයි ටිකට ඒක බලපාන්නෙ නැද්ද කියලා.
Trending News
Events
රංගේන්ද්‍ර රවීන්ද්‍ර පාඨක සුරතට
- 09-03-2026
වර්ෂාගෙ ආදර ගීතය විඳින්න මාලඹේට ලොකු සෙනඟක්
- 06-02-2026
ගිරාගෙ දුවට අද ඉස්තරම් දවසක්ලු
- 22-01-2026
මළ මඟුලයි ...එන්න ළඟයි
- 14-01-2026

