කෝපි කඩේ සීන් එක

  • 20-10-2019
  • Views 1924

2019-09-18-ent-76පිට පළාත්වල ෂූටින් ගියාම අපේ රංගන ශිල්පීන්ට වගේම කාර්මික ශිල්පීන්ට අපූරු අත්දැකීම්වලට මුහුණ දෙන්න වෙනවා.

ඔය වගේ ශිල්පියෙකු මීට කාලෙකට කලින් මුහුණ දීපු අත්දැකීමක් තමයි මේ.

අනුරාධපුරේ ඉඳලා කොළඹ එන ගමන් පොඩි කෝපි කඩයක් ළඟ වාහනේ නවත්තලා කට්ටිය කෝපි බොන්න ගියාලු.වැඩිය ඉඩකඩ නැති ඒ කඩේ වැඩ කළෙත් එකම වේටර් කෙනෙක්ලු. හැබැයි පොර කඩිසරව වැඩ.

කඩිසරකම වැඩි වෙලාද කොහෙද, එකපාරටම එයාගෙ අතින් කෝපි කෝප්පයක් අපේ ශිල්පියෙකුගේ කලිසමේ හැලිලා. ශිල්පියාට හොඳට කේන්ති ගිහින් මේ ගැන කැෂියර් කූඩුවේ හිටිය මුදලාලිට පැමිණිලි කළාලු.මුදලාලිත් කෑගැහුවලු වේටර්ට.

කෝ මේ එනවා... මේ වගේද වැඩ කරන්නෙ හරක් වගේ. ඔන්න ඔය මහත්තයට තව කෝපි එකක් හදලා දෙනවා.

 

DESHAYA