ගිනිපත්තු සපත්තු ඩිස්කවුන්ට්

  • 22-03-2020
  • Views 3882

2020-03-17-ent-81ඔන්න කලාවට ඈතින් නෑකම් කියන තරුණයෙක් පසුගිය දවසක එයාගෙ කෙල්ලත් එක්ක පොඩි රවුමක් ගැහුවලු.

අලුතින්ම විවෘත කරපු හෝටල් සංකීර්ණයටත් මේ දෙන්නා ගිහිල්ලා. ඒ සංකීර්ණයේ හැම මහලකම වගේ තියෙන්නෙ බ්‍රෑන්ඩඩ් භාණ්ඩ තියෙන සුඛෝපභෝගී සාප්පු. ඔන්න ඔය වගේ සාප්පුවක් පහුකරගෙන යද්දී කොල්ලා දැක්කලු එතන දාලා තිබුණු “සේල් දැන්වීමක්. සියලුම සපත්තු වර්ගයටම 50වට්ටමක්.

කෙල්ලටත් කාලෙකින් මොකුත් අරන් දෙන්න බැරි වුණ එකේ, කොල්ලා එයාවත් ඇඳගෙන ඇතුළට ගියාලු. කෙල්ලත් හරිම සතුටින් සපත්තු තෝරනවා.

ලස්සන සපත්තු ජෝඩුවක් තෝරලා බිල ගෙවන්න ගියාම තමයි කොල්ලා සපත්තුවේ ගාණ දැනගෙන තියෙන්නේ.ඇත්ත. 50වට්ටමක් තියෙනවා. ඒත් සපත්තුවේ මිල රු. 13,000ලු. කොල්ලා බිල ගෙව්වලු. කෙල්ලට නම් හරිම සතුටුයිලු.

 

DESHAYA