ඔන්න කලාවට ඈතින් නෑකම් කියන තරුණයෙක් පසුගිය දවසක එයාගෙ කෙල්ලත් එක්ක පොඩි රවුමක් ගැහුවලු.
අලුතින්ම විවෘත කරපු හෝටල් සංකීර්ණයටත් මේ දෙන්නා ගිහිල්ලා. ඒ සංකීර්ණයේ හැම මහලකම වගේ තියෙන්නෙ බ්‍රෑන්ඩඩ් භාණ්ඩ තියෙන සුඛෝපභෝගී සාප්පු. ඔන්න ඔය වගේ සාප්පුවක් පහුකරගෙන යද්දී කොල්ලා දැක්කලු එතන දාලා තිබුණු “සේල් දැන්වීමක්. සියලුම සපත්තු වර්ගයටම 50වට්ටමක්.
කෙල්ලටත් කාලෙකින් මොකුත් අරන් දෙන්න බැරි වුණ එකේ, කොල්ලා එයාවත් ඇඳගෙන ඇතුළට ගියාලු. කෙල්ලත් හරිම සතුටින් සපත්තු තෝරනවා.
ලස්සන සපත්තු ජෝඩුවක් තෝරලා බිල ගෙවන්න ගියාම තමයි කොල්ලා සපත්තුවේ ගාණ දැනගෙන තියෙන්නේ.ඇත්ත. 50වට්ටමක් තියෙනවා. ඒත් සපත්තුවේ මිල රු. 13,000ලු. කොල්ලා බිල ගෙව්වලු. කෙල්ලට නම් හරිම සතුටුයිලු.
Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022
