ඔන්න කොළඹ එක්තරා කාන්තා රෝහලක දරු ප්‍රසූතිය සඳහා තම බිරින්ඳෑවරු ඉස්පිරිතාලෙට ඇතුළු කළ සැමියන් කිහිප දෙනෙක් එළියෙ කයියක් ගහගෙන හිටියලු. චිත්‍රපට බැලිල්ලයි බබාලා හම්බවෙන එකයි අතර තියෙන්නෙ මොනවගේ සම්බන්ධයක්ද කියලා ඒ මහත්තුරු කට්ටියගෙ කතාවෙන් තේරුම් යනවා.
මම චන්නයි කෙල්ලො දෙන්නයි ෆිල්ම් එක බලලා පැය දෙකක් ගියෙ නැහැ, වයිෆ්ට අමාරුවෙලා ඉස්පිරිතාලෙ ගෙනාවා. එයාට කෙල්ලොම දෙන්නෙක් ලැබුණනෙ, එක තාත්තා කෙනෙක් කිව්වලු.ඒකත් හරි පුදුම වැඩක්නෙ. මම හරිම බඩු තුනක් ෆිල්ම් එක බල බලා ඉන්ඳැද්දි තමයි ආරංචිය ආවෙ අපේ නෝනට බබාලා තුන් දෙනෙක්ම ලැබුණා කියලා, තව කෙනෙක් කිව්වලු.බුදු අම්මෝ මම යනවෝ කියමින් එතන හිටපු තව තාත්තා කෙනෙක් දුවන්න පටන් ගත්තලු.
මොකද ඔයා එක පාරටම පණ කඩාගෙන දුවන්න පටන් ගත්තෙ? එක්කෙනෙක් ඇහුවලු.මම දුවන්නෙ වෙන මොකුත් නිසා නෙවෙයි. මම දැන් එන්න කලින් බල බලා හිටියෙ අලි බබා සහ හොරැ 40 චිත්‍රපටය.
Trending News
Events
රංගේන්ද්‍ර රවීන්ද්‍ර පාඨක සුරතට
- 09-03-2026
වර්ෂාගෙ ආදර ගීතය විඳින්න මාලඹේට ලොකු සෙනඟක්
- 06-02-2026
ගිරාගෙ දුවට අද ඉස්තරම් දවසක්ලු
- 22-01-2026
මළ මඟුලයි ...එන්න ළඟයි
- 14-01-2026
