චිත්‍රපටය අවුල්: මැනේජර්ගෙ බෙල්ල මිරිකලා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-07-11-ent-123දැන් දැන් පෙන්වන සමහර සිංහල චිත්‍රපට ගැන කතා කරනවට වඩා නිශ්ශබ්දව ඉන්න එක හොඳයි කියලා තමයි ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ කියන්නෙ. ඒත් ඒ චිත්‍රපට පෙන්වන චිත්‍රපටශාලා හිමිකරුවො, කළමනාකරුවො, සේවකයො මොනවා කරන්නද?

කොළඹින් ඈත පළාතක සිංහල චිත්‍රපටයක් පෙන්නපු හෝල් එකක අපූරු සිද්ධියක් වෙලා තියෙනවා. චිත්‍රපටය බලලා යන ගමන් මැනේජර්ගෙ බෙල්ල මිරිකලා කියලා තියෙනවා, “මීටපස්සෙ මේ වගේ නිදිමත පික්චර් මේකෙ පෙන්නලා අහුවුණොත් දනී කරන දේ”, කියලා.

ඒ වගේම තමයි තවත් ශාලාවක චිත්‍රපටයක් බලන්න 50 ක් විතර ප්‍රේක්ෂකයො ඇවිල්ලා. ඉන්ටවල් එකේදී අර කැන්ටිමේ වැඩ කරන සේවකයා අයිස් චොක්, මුරුක්කු, පොරි පැකට් එහෙම අරගෙන ශාලාව ඇතුළට ගිහින්. අම්මේ, මිනිහට ඇස් අදහගන්න බැරිවෙලා. හතරදෙනයිලු හිටියෙ. අනිත් කට්ටිය ඉන්ටවල් එකට කලින්ම නැඟිටලා ගිහින්ලු.

 

DESHAYA