අද වෙනකොට ජංගම දුරකථනයට ලොකු කුඩා කවුරුත් ඇබ්බැහි වෙලා ඉන්න බව අමුතුවෙන් කියන්න ඕන නැහැනේ.
අලුත් තාක්ෂණයත් එක්ක අපි ඉදිරියට යන්න ඕන බව ඇත්ත. නමුත්, ඒවත් එක්ක හරියට ගනුදෙනු කරන්න හොඳ අවබෝධයකුත් තියෙන්න ඕන. දෙමාපියන්ට හා වැඩිහිටියන්ට මෙතැනදී ලොකු වගකීමක් තියෙනවා තම දරුවන්ව නිවැරදි මඟට යොමු කරන්න.
ඔන්න අපි දන්න පවුලක ඉන්නවා තරුණ ගෑනු ළමයි තුන්දෙනෙක්. අපි දන්නෙ බාලයාව.මේ ගෙදර ජංගම දුරකථනවලට ඇඳිරි නීතියක් දාලා තියෙනවා. ඒ කියන්නේ අම්මා තාත්තා හා ළමයි තුන්දෙනා රූ 10 වෙද්දි කෑම කන මෙසේ තියෙන විශේෂ භාජනයක තම තමන්ගේ ජංගම දුරකථන තියලා තමයි නින්දට යන්න ඕනේ.මේක මුලු පවුලම ආගමක් වගේ අදහන, පිලිපදින දෙයක් වෙලා. ඉතින් මේ අයව දන්නා හඳුනන අය රෑ දහයෙන් පස්සේ මේගොල්ලන්ට කෝල් කරන්නේ නැහැ. ඒත් ළඟදි දවසක හදිසි කාර්යාල කටයුත්තකට මේ බාල කෙල්ලට රෑ 12ට විතර පණිවිඩයක් යැව්වලු. මෙන්න බොලේ කෙල්ල ක්ෂණිකව ඒ පණිවිඩේට ප්‍රතිචාරත් දක්වලා.
ඇඳිරි නීතිය පනවන්නෙ රෑ 10ට නම්, රෑ 12ට එයාට ජංගම දුරකථනය අතට පත්වෙන්නෙ කොහොමද? කට්ටිය මේ ගැන තාම විමර්ශනය කරමින් යනවලු.
► Text - Mithra
Trending News
Events
රංගේන්ද්‍ර රවීන්ද්‍ර පාඨක සුරතට
- 09-03-2026
වර්ෂාගෙ ආදර ගීතය විඳින්න මාලඹේට ලොකු සෙනඟක්
- 06-02-2026
ගිරාගෙ දුවට අද ඉස්තරම් දවසක්ලු
- 22-01-2026
මළ මඟුලයි ...එන්න ළඟයි
- 14-01-2026
