ජනප්‍රිය සම්මානෙන් පිම්බිලාලු



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-05-19-ent-52මේ කියන්න යන්නෙත් තරුණ නළුවෙක් ගැන. හැබෑ දක්ෂතා රුසක් වේදිකාවෙනම් පෙන්නලා තියෙනවා. පුංචි තිරයේ මිනිස්සු අතර ජනප්‍රිය වුණු ටෙලියක් නිසා ඔහුට පහුගිය දවසක ජනප්‍රිය ටෙලි නළුවාට හිමි සම්මානයත් ලැබුණා.

ඒත් ජනප්‍රිය සම්මානෙ ලැබුණු හැටි කවුරුත් දන්නෙ නෑ. ජනප්‍රිය රැල්ලේ නොසිටි ඔහුට ලැබුණු සම්මානෙ ගැන සමහරු සතුටු වුණා වගේ තවත් සමහරු ඒ ගැන වෙනත් මත ඉදිරිපත් කළා.

ඔන්න මේ මෑන්ස් දැන් තිරගතවන චිත්‍රපටයක ඉන්න නිසා ලෙස්ටර් මහත්තයගෙ මළගෙදර එන්න ඇති.

කවුරුත් යන එන තැනක පුටුවක වාඩිවෙලා පැය ගාණක් ෆෝන් එකේ. ඔහුගෙ ළඟින් හිටියෙ ප්‍රවීණ මාධ්‍යවේදියෙක් සහ ප්‍රවීණ සිනමාවේදියෙක්. ඔහු ඒ දෙන්නා දිහා හැරිලවත් බැලුවෙ නෑ.

අර මාධ්‍යවේදියා එක්ක තවත් සහෝදර පත්තරකාරයො කිහිපදෙනෙකුත්, කලාකරුවොත් කතාවට සෙට්වුණා. ඒත් අර ජනප්‍රිය පොර කා එක්කවත් හිනාවක් නෑ.

“ඔයත් එක්ක අර තරුපහේ හෝටලේට ගිහින් දවස පුරාම ෆොටෝ ෂූට් කරපු මාවත් දැන් පේන්නෙ නෑ නේද? කියලා මළපැනපු මාධ්‍යවේදියෙක් ඔහුගෙන් ඇහුවම එයාගෙ මුහුණ පුංචි වුණාලු.

 

DESHAYA