කලා ක්ෂේත්‍රයේ විවිධ අංශවල විවිධාකාර අර්බුද, අරගල, අවුල් වියවුල් තියෙනවනෙ. ඒ වගේ අවුල් සහගත දේවල් සමහර වෙලාවට පවුල් ඇතුළටත් රිංගන වෙලාවල් නැතුව නොවෙයි.
ඔන්න එක්තරා ශිල්පියෙක්ගෙ නෝනා කෙනෙක් ඉන්නවා. එයා කැමති නැහැ එයාගෙ මහත්තයා එක්තරා ශිල්පිනියක් එක්ක වැඩ කරනවට. ඒක කිසිම පදනමක් නැති කරුණක් කියලා තමයි හැමෝම හිතන්නෙ. ඇත්තටමත් එහෙමයි. කලා ශිල්පියෙකුට එහෙම තෝරා බේරගෙන වැඩ කරන්න පුළුවන් ලොකු කර්මාන්තයක් නෙවෙයිනෙ අපට තියෙන්නෙ. ඉතින් මෙයා අර ශිල්පිනියත් එක්ක ටෙලි නාට්‍යයක රඟපාලා ඒක විකාශය වෙන්නත් යනවලු.ඔන්න දැන් ඒ ගැන ප්‍රචාරක වැඩසටහනකට මේ ශිල්පියයි අර කියපු ශිල්පිනියවයි උදේ සජීවී වැඩසටහනකට අර රූපවාහිනී නාලිකාව කතා කරලා.
මේ ශිල්පියාට කලින් දවසෙ රෑ ඉඳලා නින්ද යන්නෙ නැහැලු මේ ගැන හිතලා. මොකද එයාගෙ නෝනා උදෙන්ම නැගිටලා තේ හදලා ඊළඟට කරන්නෙ ටී.වී. එක දාගෙන උදේ කෑම පිළියෙළ කරන එකලු. ලයිව් වැඩසටහනට යන්න පාන්දරින්ම ඇහැරුණු මේ ශිල්පියා, නෝනට කිව්වලු
අද උදෙන්ම නැගිටලා බොරැවට තේ හදන්න මහන්සි වෙන්න එපා. ඔයා ටිකක් පරක්කු වෙනනම් නිදාගන්න, කෑම හදන්නත් එපා. මම එනකොට හොඳ හෝටලේකින් උදේ කෑම ගේන්නම් කියලා.ඔන්න වැඩසටහන ඉවර කරලා ශිල්පියා කෑමක් අරන් ගෙදර ආවලු. නෝනා තාමත් සැපට නිදිලු.
Trending News
Events
රංගේන්ද්‍ර රවීන්ද්‍ර පාඨක සුරතට
- 09-03-2026
වර්ෂාගෙ ආදර ගීතය විඳින්න මාලඹේට ලොකු සෙනඟක්
- 06-02-2026
ගිරාගෙ දුවට අද ඉස්තරම් දවසක්ලු
- 22-01-2026
මළ මඟුලයි ...එන්න ළඟයි
- 14-01-2026
