අපේ ප්‍රවීණ කලා ශිල්පියෙක් ළඟදි දවසක දර්ශන තලයකදී ලස්සන කතාවක් කිව්වා. ඒ ටෙලි නාට්‍යයේ ප්‍රධාන නිළිය යාළු වෙලා ඉන්නේ දොස්තර මහත්තයෙක් එක්ක. ඒකයි එයාට අර කතාව මතක් වෙලා තියෙන්නේ.ඔන්න දවසක ලස්සන ගෑනු ළමයෙක් හිටියලු. ඒ ළමයා යාළු වෙලා ඉන්න තරුණ දොස්තර මහත්තයෙක් එක්ක. ඒත් මේ ගෑනු ළමයා වැඩිපුර කාලය ගෙවන්නේ ගෙවල් ළඟ තියෙන ෆාමසියෙලු. කෙල්ලගෙ අම්මට මේක විශාල ප්‍රහේලිකාවක්ලු.අනේ දුවේ හැමෝම දන්නවා උඹ යාළුවෙලා ඉන්නේ දොස්තර කොල්ලත් එක්ක කියලා. ඉතින් මොකද මේ නිතර නිතර අර ෆාමසියට දුවගෙන යන්නේ? මිනිස්සුන්ගෙන් කතන්දර නාහා ඕක නවත්තපන් අම්මා කියලා.
අනේ අම්මේ අම්මට මේවා තේරෙන්නේ නැහැ. මම ෆාමසියට දුවන්නෙ ඒ අයියා එක්ක පැටලෙන්න නෙවෙයි. දොස්තර අයියා මට එවන ලව් ලෙටර්ස් මට කියවන්නම බැහැ. ඒකයි මං ඒවා ෆාමසියෙ අයියට කියලා කියවගන්නේ. එයාට විතරයි පුළුවන් දොස්තරගේ අත් අකුරු කියවන්න.
Trending News
Events
රංගේන්ද්‍ර රවීන්ද්‍ර පාඨක සුරතට
- 09-03-2026
වර්ෂාගෙ ආදර ගීතය විඳින්න මාලඹේට ලොකු සෙනඟක්
- 06-02-2026
ගිරාගෙ දුවට අද ඉස්තරම් දවසක්ලු
- 22-01-2026
මළ මඟුලයි ...එන්න ළඟයි
- 14-01-2026
