දොස්තරගෙ ෂොක් එක



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-09-19-ent-228සමහර අයට චිත්‍රපටවල විතරක් නෙවෙයි, ක්‍රිකට් මැච් එකක පවා උද්වේගකර අවස්ථා දරා ගන්න බැහැ. අන්තිම ඕවරේ පීඩනය දරාගන්න බැරි අය හාට් ඇටෑක් හැදිලා මැරිලත් තියෙනවනෙ.

ඒ වගේම තමයි දේශපාලන කරලියේ හදිසි වෙනස් වීම් සමහරුන්ට දරාගන්න ශක්තියක් නැහැ.අපේ කලා ශිල්පියෙක් මේ වගේ සිද්ධියක් ගැන අපූරු කතාවක් පහුගිය දවසක අපට කිව්වා.

ඔන්න මැදිවියේ මනුස්සයෙකුට කෝටි දෙකක ලොතරැයියක් ඇදිලා. මිනිහට හාට් ප්‍රශ්නෙකුත් තියෙන නිසා මේ දිනුම ගැන ආරංචි වෙලා දරාගන්න බැරිවේවිදෝ කියලා හිතුණ නිසා දරුවෝ ටික මෙයාගෙ දොස්තර මහතා ලවා උපක්‍රමශීලීව ඒ පණිවිඩේ කියන එක හොඳයි කියලා හිතලා. දැන් දොස්තර ඇවිත් මෙයාගේ හිත ටික ටික හදාගෙන යනවා.

“මහත්තයාට දැන් ලක්ෂයක විතර ලොතරුයි දිනුමක් ඇඳුණොත් මොනවද කරන්නේ. කිය කියා ටිකෙන් ටික ගාණ වැඩි කරගෙන එයත් එක්ක සුහද කතා බහක යෙදෙනවලු.“දැන් හිතමුකෝ කෝටියක් ඇදුණා කියලා.

“අයියෝ එහොම ලැබුණොත් මගේ පොඩි බැංකු ලෝන් එක ගෙවලා ඉවර වෙලා, ඉතුරු මුදල ළමයි එක්ක බෙදාහදා ගෙන සන්තෝසෙන් ජීවත් වෙනවා.“එතකොට රුපියල් කෝටි දෙකක් ඇදුණොත්?“අපෝ මට එච්චර මුදලක් මොකටද? එහෙම ලැබුණොත් මම අනිවාර්යයෙන්ම ඩොක්ටර්ට කෝටියක් දෙනවා..ඒත් එක්කම ඇසුණු විශාල ශබ්දය නිසා හැමෝම කලබල වුණාලු. බැලින්නම් අර කෝටියේ කතාව දරාගන්න බැරුව දොස්තරට හාට් ඇටෑක් එකක් හැදිලා එයා ඇදගෙන වැටිලලු.

 

DESHAYA