දොස්තරගේ මාර කතා

  • 02-11-2019
  • Views 1499

20191031political2-1කලා ක්ෂේත්‍රයේ ඉන්නවා විවිධ වෘත්තීන්වල නියැලෙන අය. හැබැයි සිංදු කියන කට්ටිය තමයි වැඩි. ඒ අතරත් සිංදු කියන දොස්තරවරු තමයි වැඩි.

කලාකරුවන් සමඟ විවිධ වෘත්තීන්වල නියැලෙන අය එකට මුණ ගැහෙනකොට එතැන රස ගුලාවක්. ඔන්න ළඟදී ඔය වගේ සිංදු කියන දොස්තර කෙනෙකුගෙන් කලා ශිල්පියෙක් ඇහුවලු සමහර දොස්තරවරු ඔපරේෂන් කරන ගමනුත් සිංදු කිය කියා වැඩේ කරනවා කියලා කියන කතාවෙ ඇත්තක් තියෙනවද කියලා.

වැඩේ ඇත්තලු. තව කෙනෙක් ඇහුවලු ඔපරේෂන් කරද්දි දොස්තරවරු මුහුණු ආවරණය කරන්නේ ඇයි කියලා.

ඕකට නම් ඒ දොස්තර දීලා තියෙනවා පට්ට උත්තරයක්.

අපි ඔපරේෂන් කරද්දි ලෙඩ්ඩුන්ව කපන විදිහට, ඒ ලෙඩා අපේ මුහුණ හඳුනගත්ත නම් ලෙඩේ සනීප වුණාට පස්සෙ ඇවිත් අපිව කපයි. ඒකයි.