ටික කලකට ඉහත දී අපි මේ තීරුවෙන් කතාවක් කිව්වා අපේ ශිල්පියෙක් එයා ළඟින් ඇසුරු කරන ගැහැනු ළමයින්ගෙ නම් එයාගෙ ජංගම දුරකතනයෙ save කරගන්න විදිහ ගැන.
මතකද? පුෂ්පා ෆාමසි, රංගනී හාඩ්වෙයාර්, නිලන්ති ස්ටෝර්ස් කියලා එයා save කරගෙන හිටිය විදිහ. මේ ශිල්පියාගෙ මේ වැඩේ එයාගෙ නෝනාට අහුවෙලා තියෙන්නෙ රෑ 12ට විතර රංගනී හාඩ්වෙයාර් එකෙන් කෝල් එකක් ආපු වෙලාවක.
එයාගේ තවත් යාළුවෙකුට මේ ළඟදි තවත් ඇබැද්දියක් වෙලා. දැන් ගීතා සේනානායක කියලා නමක් save කරන්න ගියාම එයා කරන්නෙ Geetha Sena කියලා කෙටියෙන් දාගන්න එක. බුද්ධිනි වීරසේකර save කරන්නෙ Buddhini Weera කියලා කෙටියෙන්.
එයාට දවසක් කෝල් එකක් එද්දී එයාගෙ බිරිය ළඟ ඉඳලා තියෙන්නෙ. ඇවිත් තියෙන්නෙ නදීරා පණ කියන නමින්.එයාගෙ යාළුවෙක් ඉන්නවා නදීරා පනාපිටිය කියලා. ෆෝන් එකේ save කරලා තියෙන්නෙ Nadeera Pana කියලා.
Trending News
Events
රංගේන්ද්‍ර රවීන්ද්‍ර පාඨක සුරතට
- 09-03-2026
වර්ෂාගෙ ආදර ගීතය විඳින්න මාලඹේට ලොකු සෙනඟක්
- 06-02-2026
ගිරාගෙ දුවට අද ඉස්තරම් දවසක්ලු
- 22-01-2026
මළ මඟුලයි ...එන්න ළඟයි
- 14-01-2026
