බොහෝ නිවේදක නිවේදිකාවෝ තම අතට ලැබෙන පිටපතට අනුව කතා කරන්න යන එකෙන් සමහර තැන්වල ඉස්මතු වියහැකි අපූරු හාස්‍යමය තැන් මඟහැරිලා යනවා.
ඕක රූපවාහිනිය වේවා, ගුවන් විදුලිය හෝ සංගීත ප්‍රසංගවල වේවා, කොහේ සිදු වුණත් අදාල නිවේදක නිවේදිකාවන්ට ක්ෂණිකව ඒ ඒ අවස්ථාවන්ට අනුව පිටපතෙන් බැහැර වෙන්නට සිද්ධ වෙනවා. මේ රුහැකියාව ඇතැම් නිවේදක නිවේදිකාවන්ට තියෙනවා.
පසුගිය දවසක පැවැති සංගීත ප්‍රසංගයකදී ගායකයෙක් සින්දුවක් කියලා ඉවර වෙනවාත් එක්කම නිවේදකයා සංගීත අධ්‍යක්ෂකවරයාගෙන් මේ ගීතය ගැයූ ගායකයා ගැන අදහසක් ඉල්ලා සිටියා.
“මේක අමාරු ගීතයක්. මම මුලදී නම් හිතුවෙ මෙයා මේ සින්දුව කියන්න ගිහින් නා ගනියි කියලා. ඒත් ඔහු නාන්නෙ නැතිව ලස්සනට සින්දුව කිව්වා. සංගීත අධ්‍යක්ෂක කිව්වා. මුළු ශාලාවෙන්ම ලැබුණේ කන්අඩි පැලෙන තරම් අත්පුඩි හඬක්ය. නිවේදකයා ක්ෂණිකව ලබාදුන් ප්‍රතිචාරයට තවත් ඔල්වරසන් හඬක් නැගුණා.
“මම ජීවිතේට දැක්කමයි නාන්නෙ නැති කෙනෙකුට අත්පුඩි ගහනවා!
Trending News
Events
රංගේන්ද්‍ර රවීන්ද්‍ර පාඨක සුරතට
- 09-03-2026
වර්ෂාගෙ ආදර ගීතය විඳින්න මාලඹේට ලොකු සෙනඟක්
- 06-02-2026
ගිරාගෙ දුවට අද ඉස්තරම් දවසක්ලු
- 22-01-2026
මළ මඟුලයි ...එන්න ළඟයි
- 14-01-2026

