අලුත් වසරක ආරම්භයත් සමඟම අපි හැමෝම වගේ ඉන්නෙ ගොඩාක් සතුටින්.
නව වසරට සුබ පැතීම, තෑගි බෝග හුවමාරු කරගැනීම, දිනපොත්, දින දසුන් හිතවත් අයට තෑගි කිරීම මේ කාලෙ සුපුරුදු අංගයක් වෙලා තියෙනවා.
අපේ කලා ලොවේ හිතවතෙකු ඔහුගේ මිත්‍රයෙකුට කෝල් කරලා හොඳ කැලැන්ඩරයක් ඉල්ලනවා අපට ඇහුණා.මචං මට ඕනෙ ලොකු ඉලක්කම් තියෙන කැලැන්ඩරයක්, මොකද අපේ නැන්දම්මට පොඩි අකුරැ පේනවා හොරයි. අනිත් පැත්තෙ යාලුවා එකපාරටම අහලා තියෙනවා නැන්දම්මා ඉන්නෙ ඔයාගෙ ගෙදරනෙ. ඔයාට පුලුවන්නෙ එයාට ලංකරලා දින ටික පෙන්නන්න කියලා.
යාලුවාට තරු පෙනුණලු ලොකුවට. ඒත් එක්කම මතක් කළ යුතු තවත් කාරණයක් තියෙනවා. නව වසරට එන SMS සුබපැතුම්වලට සොයා බලන්නෙ නැතුව, එසේම වේවා කියලා ප්‍රතිචාර දක්වන්න එපා.මොකද පහුගිය අවුරුද්දෙ මටත් එවැනි ඇබැද්දියකට මුහුණ දෙන්න සිද්ධ වුණා.
අලුත් අවුරුදු දවසේ මගෙ අම්මා නැතිවුණා කියලා ආපු SMS එකටත් මම ඔබටත් එසේම වේවා කියලා එවලා තිබුණා
Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022
