සිනමාහල්වලට කොච්චර චිත්‍රපට ආවත්, ප්‍රේක්ෂකයින්ට දැනෙන චිත්‍රපට එන්නෙ කීයෙන් කීයක්ද කියලා අමුතුවෙන් කියන්න ඕන නැහැනෙ.සමහරු චිත්‍රපටයෙ නමට රැවටිලා ඒවා බලන්න යනවලු. සමහරු ඒකෙ රඟපාන ශිල්පීන් ශිල්පිනියන්ගෙ නම්වලට ඒවා බලන්න යනවා.
ඒත් පැය දෙකක් එක තැනක ඉඳලා ඕක බලන්න ගියාම තමයි තේරෙන්නෙ රඟේ. ඔන්න ඔය වගේ ලොකු සද්දයක් දාලා ආපු ෆිල්ම් එකක් බලන්න ළඟදි මනුස්සයෙක් ගියාලු. චිත්‍රපටය පටන් අරන් විනාඩි 10ක් වත් යන්න කලින් එයාගෙ අල්ලපු සීට් එකේ මනුස්සයා සද්දෙට ගොරව ගොරවා නිදිලු.
ඉවසන්න බැරි තැන මෙයා අර මනුස්සයට තට්ටුවක් දාලා කිව්වලු ගොරවන එක නවත්තන්න කියලා.අනේ මේ කසිකබල් චිත්‍රපටයෙ මොනවා බලන්නද?
අයිසෙ බලන්න නෙවෙයි. ගොරවන්න එපා කිව්වෙ මටත් ටිකක් නිදාගන්න ඕන නිසයි.
► Text - Mithra
Trending News
Events
රංගේන්ද්‍ර රවීන්ද්‍ර පාඨක සුරතට
- 09-03-2026
වර්ෂාගෙ ආදර ගීතය විඳින්න මාලඹේට ලොකු සෙනඟක්
- 06-02-2026
ගිරාගෙ දුවට අද ඉස්තරම් දවසක්ලු
- 22-01-2026
මළ මඟුලයි ...එන්න ළඟයි
- 14-01-2026
