නින්ද යන්නේ නැතෝ

  • 03-02-2020
  • Views 1577

2019-12-18-ent-981ෂූටින් ඉවරවෙලා බොහෝ වෙලාවට කලා ශිල්පීන් ගෙදර එන්නෙ ගොඩක් රැවෙලා, නැත්නම් හිමිදිරි පාන්දර.ඔය එන අතරතුර කලා ශිල්පීන් ශිල්පිනියන් තම තමන්ගෙ ගෙවල් ළඟට එනකම්ම කට කපලා නිදාගන්නවා.

ඒත් සමහර අයටනම් ඔහොම වාහනවල යන එනකොට මළාට නින්ද යන්නෙ නැහැලු.

ඔන්න එහෙම ශිල්පියෙක් ළඟදී ෂූටින් ඉවරවෙලා කොළඹ එන වෑන් එකක හිටියලු.ඇයි ඔයාට වාහනවල යද්දී නින්ද යන්නෙම නැද්ද? සඟයෝ ඔහුගෙන් ඇහුවලු.

බස්වල, වෑන්වල තියා මට ප්ලේන්වලවත් නින්ද යන්නෙ නැහැනෙ. මොකද අපේ ඇස් පොඩ්ඩක් හරි පියවුණු ගමන් ඒවා එළවන කට්ටිය අපිව කොහෙ ගෙනියයිද දන්නෙ නැහැනෙ, ඒ ශිල්පියා කිව්වලු.

 

DESHAYA