නිළිය අඳුනගන්න බැරිවෙලා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-05-31-ent-114අලුතින් හදන චිත්‍රපටයක ප්‍රවීණතම සම්මානනීය රංගන ශිල්පියෙක් කාන්තා චරිතයක් රඟපානවා. කාලෙක ඉඳලා චිත්‍රපටයේ අධ්‍යක්ෂක, සහාය අධ්‍යක්ෂක, අඳුම් නිර්මාණ ශිල්පී, අංග රචනා ශිල්පියා හා කලා අධ්‍යක්ෂක මේ වැඩේට බැහැලම කටයුතු කළා.

ඔන්න දැන් ෂූටිං පටන් ගන්නකොටත් මේ චරිතය ගැන දැනගෙන හිටියේ ප්‍රධාන කීප පොලක් විතරයි.

මුල්ම දවසේ ඔහු කාන්තා චරිතයට අවශ්‍ය මේක් අප් හා ඇඳුම් පැළඳුම් ද ඇඳගෙන ෂූටිං කරන ගෙදර ආලින්දයේ වාඩිවෙලා හිටියලු. කාටත් මෙයාව අඳුරගන්න බැරිවෙලා. තේ බෙදන තරුණ කොල්ලා මේ නළුවා ළඟටම ඇවිත් එයාගේ නම කියලා හොයනවලු තේ කෝප්පයක් දෙන්න.

“කෝ දෙන්න. ඒ මම තමයි.” කියලා සුකොමාල කාන්තා හඬකින් ඔහු කොල්ලට කිව්වම ඔහු එක පාරටම ගල් ගැහිලා වගේ බලන් උන්නලු.

 

DESHAYA