කුරුණෑගල පැත්තේ රූගත කෙරුණු ටෙලි නාට්‍යක්. ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරයාගේ හොඳම පිටරට යාළුවෙක් හා ඔහුගේ බිරිඳ කුරුණෑගල පැත්තෙ සංචාරයක් කරන අතරතුර යාළුවගේ ටෙලි නාට්‍යයේ ෂූටිං බලන්නත් ආවලු දර්ශනතලයට. ටිකක් රෑ වුණු නිසා ඒ ගොල්ලන්ට අධ්‍යක්ෂක හා ප්‍රධාන නළු නිළියන්ට රැඳී සිටි හෝටලේ නවතින්න සිද්ධ වුණා.
ඒත් ඒ හෝටලේ හැම කාමරයක්ම බුක් වෙලා. එකක්වත් ඉතුරුවෙලා නැහැ. ළඟපාතක වෙන හොඳ හෝටලේකුත් නැහැ.අධ්‍යක්ෂකට එක පාරටම මතක් වුණා ප්‍රධාන නිළිය ඉන්න කාමරේ ගැන.
“අද එයාට වැඩ නැති නිසා කොළඹ ගියා. හෙට එන්නෙ. ඒ නිසා අද රෑ ඕගොල්ලො දෙන්නට පුළුවන් ඒකේ නවතින්න.ප්‍රධාන නිළියගේ කාමරේ මේ දෙන්නා ලැඟුම් ගත්තා.
ඔන්න පහුවදා පාන්දර 5.30ට විතර කවුදෝ දොරට ගහනවලු. පිටරටින් ආපු යාළුවා යතුරු හිලෙන් බැලුවා. ප්‍රධාන නිළිය ඇවිත් ඉන්නේ. එයා ඉක්මනටම අධ්‍යක්ෂකට දුරකතන ඇමතුමක් දීලා මේ ආරංචිය කිව්වලු.“කලබල වෙන්න එපා. මම එයාව එක්කරගෙන යන්නම් ලොබි එකේ තේ බොන්න. විනාඩි 20ක් විතර යයි. ඒ අතරතුර ඔය දෙන්නා හෙමින් සීරැවේ කාමරෙන් එළියට එන්න. අධ්‍යක්ෂක යාළුවට කිව්වලු.
Trending News
Events
රංගේන්ද්‍ර රවීන්ද්‍ර පාඨක සුරතට
- 09-03-2026
වර්ෂාගෙ ආදර ගීතය විඳින්න මාලඹේට ලොකු සෙනඟක්
- 06-02-2026
ගිරාගෙ දුවට අද ඉස්තරම් දවසක්ලු
- 22-01-2026
මළ මඟුලයි ...එන්න ළඟයි
- 14-01-2026
