අලුත් ටෙලිනාට්‍යක් රඟපාන්න තෝරාගත්ත එක්තරා නවක නිළියක් දවසක් ඒකෙ ඩිරෙක්ටර්ව හදිසියෙ මුණගැහුණලු සුපර් මාකට් එකක.“අනේ නංගි අද මම ඔයාට කෝල් එකක් දෙන්නමයි හිටියෙ. අපේ ස්ක්‍රිප්ට් එකත් ලෑස්තියි. ලබන සතියේ ෂූටින් පටන් ගන්නවා.
“හරි ෂෝක්නෙ අයියෙ.. කොහොමද මට ස්ක්‍රිප්ට් බලන්න පුළුවන් වෙන්නෙ. කෙල්ල ඇහුවලු.“අපි දැන් පාක් එකට යමුකො. මම එතනදී ස්ක්‍රිප්ට් එක දීලා ඔයාට විස්තර ටිකක් කියන්නම් කො...කෙල්ලගේ මූණ එක පාරටම අමුතු වුණාලු. “අනේ මම එහෙම කෙල්ලෙක් නෙවෙයි අයියෙ. සමාවෙන්න මට මේකෙ රඟපාන්න නොලැබුණත් අවුලක් නැහැ. මට පාක් ගාණෙ ඇවිල්ලා නම කැත කරගන්න බැහැ අයියේ..“අයියෝ පිස්සුද මේ කෙල්ලට? මම කිව්වෙ කාර් පාර්ක් එකනෙ. ස්ක්‍රිප්ට් එක තියෙන්නෙ මගේ කාර් එකේ.
Trending News
Events
රංගේන්ද්‍ර රවීන්ද්‍ර පාඨක සුරතට
- 09-03-2026
වර්ෂාගෙ ආදර ගීතය විඳින්න මාලඹේට ලොකු සෙනඟක්
- 06-02-2026
ගිරාගෙ දුවට අද ඉස්තරම් දවසක්ලු
- 22-01-2026
මළ මඟුලයි ...එන්න ළඟයි
- 14-01-2026

