සල්ලි තියෙනවනම් මොනවද කරන්න බැරි? ඔය වගේ සල්ලි තියෙන යාළුවෙක් එයාගෙම ගුවන් යානයක් මිලදී ගත්තලු. ලොකු එකක් නෙවෙයි. පයිලට්ලා දෙන්නෙක් එක්ක මේකෙ අටදෙනකුට යන්න පුළුවන්ලු.
ඔන්න දැන් මිනිහා අලුතින් පයිලට්ලා දෙන්නෙකුත් බඳවාගත්තලු. දැන් අලුත් ප්ලේන් එකේ මංගල ගමන යන්න මේ යාළුවා එයාගෙ හොඳම යාළුවෝ පස්දෙනකුට ආරාධනා කරලා. කොළඹින් යාපනයට ගිහින් ආපහු එන්න. ගමන පිටත් වුණාලු කට්ටිය. යන ගමන සතුටින් විනෝදෙන් ගියාලු. නමුත් එන ගමනෙදී මගක් හරියෙ ප්ලේන් එක ඒ මේ අත පැද්දෙන්න පටන්ගත්තලු. කට්ටිය හොඳටම බය වෙලා.අයිතිකාර යාළුවා එයාගේ ළඟම හිටිය යාළුවට රහසින් කිව්වලු පයිලට්ලා දෙන්නා මොනවද කරන්නේ කියලා බලන්න කියලා.
එක්කෙනෙක් ප්ලේන් ඒකේ මැනුවල් උපදෙස් පොත පෙරල පෙරලා බලනවා ටෝර්ච් එකත් ගහගෙනමොනවා..? ඒ දෙන්නා තාම ප්ලේන් එලවන හැටි ඉගෙන ගන්නවද? අපිට ඉතින් පිරිත් පොත් ටිකක් දැන් ඕන වෙන්නේ ඔහු කිව්වලු.
Trending News
Events
රංගේන්ද්‍ර රවීන්ද්‍ර පාඨක සුරතට
- 09-03-2026
වර්ෂාගෙ ආදර ගීතය විඳින්න මාලඹේට ලොකු සෙනඟක්
- 06-02-2026
ගිරාගෙ දුවට අද ඉස්තරම් දවසක්ලු
- 22-01-2026
මළ මඟුලයි ...එන්න ළඟයි
- 14-01-2026
