මේ කතාව නම් දර්ශනය තලයක ඇසුණු හාස්‍යජනක කතාවක්. මේකත් සැලුන් එකක් ගැන පරණ කතාවක්ලු. වෙන තැන්වල රුපියල් 200ට විතර කොණ්ඩේ කපද්දි, මේ සැලුන් එකේ කොණ්ඩෙ කපන්නෙ රු. 50ටලු. ඒ නිසාම නිතරම සෙනඟ පිරිලා. පෝලිම්වල ඉඳලා තමයි කොණ්ඩේ කපන්න වෙන්නේ.
ඔය වගේ පෝලිමේ ඉන්න වෙලාවක එක මනුස්සයෙක් දැකලා තියෙනවා. සැලුන් එක ඇතුළෙ හොඳ පෘෂ්ටිමත් බලු පැටව් දෙන්නෙක්, පූස් පැටව් දෙතුන් දෙනෙක් සැරිසරනවා.ඉතින් මේ මනුස්සයා සැලූන් අයිතිකරුගෙන් ඇහුවලු මේ බලු පැටව්, පූස් පැටව් සැලූන් එක ඇතුළෙ ඉන්න හේතුව.
මේකනේ මහත්තයෝ අපි ඉතින් අඩුවටනේ කොණ්ඩෙ කපන්නේඔව් ඉතින්, මේ බලු පැටවු එන්නේ ඒ නිසාද?
එහෙම නෙවෙයි මහත්තයෝ. අපි අඩුවට කපන නිසා කට්ටිය වැඩියෙන් එනවා. එතකොට අපිටත් වෙනවනේ ඉක්මනින් වේගෙන් කපන්න. එහෙම හදිස්සියෙන් කපනකොට ඉතින් සමහර වෙලාවට ඔය පොඩි කන් කෑල්ලක් එහෙම කැපෙන්න ඉඩ තියෙනවනේ. ඔන්න ඕවා කන්න බලාගෙන තමයි මුං ටික මේක ඇතුළට වෙලා ඉන්නේ.
Trending News
Events
රංගේන්ද්‍ර රවීන්ද්‍ර පාඨක සුරතට
- 09-03-2026
වර්ෂාගෙ ආදර ගීතය විඳින්න මාලඹේට ලොකු සෙනඟක්
- 06-02-2026
ගිරාගෙ දුවට අද ඉස්තරම් දවසක්ලු
- 22-01-2026
මළ මඟුලයි ...එන්න ළඟයි
- 14-01-2026
